Monday, February 25, 2013

අවුරුද්දයි මාස දෙකකින් අනතුරුව...

වසරයි මාස 2ක ඇවෑමෙන් අනතුරුව සයිබර් අවකාශයේ නවාතැනට ගොඩවැදුනේ මාගේ බ්ලොග හොඳට තියෙනවාදැයි දැනගැනීම සඳහාමය..

හොඳින් තිබේ..තිබ්බාසේම වේලි වේලි තිබේ..

කුමක් හෝ කරුමයකට වසරක් මාගේ දයාබර බ්ලොග දෙස බලන්නවත් වෙලාවක් නොතිබිණි. මෙම මාස 14ක කාලය තුල සිදුවූ දෑ බොහෝය. ඒසියල්ල නිසි කලට බ්ලොගේ ලිව්වානම් සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම පිටපත් රචකයා මමය.

සිවිල් ඉංජෙක් වීමේ අඩිතාලම දමා අවසන් වසරටත් පැමිණියෙමි,සියලු චාරිකා සඳහා යොදාගන්නා නිල රථය වෙනස් කළෙමි, වසර ගණනාවක් තිස්සේ පෙරුම් පුරා මාගේ පරම විනෝදාංශය වන ඡායාරූපකරණය සඳහා ඩී.ඇස්.එල්.ආර් කැමරාවක් ගතිමි, අක්කාගේ වෙඩිමත් සිදු වුනි, අමු කට්ටක් කා සිවිල් ඉංජිනේරු ට්‍රේනිං එකත් කළෙමි, තට්ටෙ ගෑවෙමි, මගේම කියා ඡායාරූප පි‍ටුවක් මුනුණුපොතේ ඇරඹුවෙමි..

මෙවන් එකී මෙකී නොකී සිදුවීම් ගනනාවකින් අනතුරුව නැවතත් බ්ලොග ඇරඹා රසබර තොරතුරු, චාරිකා සටහන්, කතා කල යුතු මාතෘකා සමගින් සයිබරයේ නවාතැන්පළ නැවතත් කල එළි කොට ගැනීමට නියම කාලය එළඹ ඇත..


සයිබරයේ හති වැ‍ටුනු වෙලාවට නවාතැනට ගොඩවන්නට සැමට ආරාධනා කරමි!
-දුලියා