Tuesday, August 31, 2010

මාගේ සුන්දර පාසල් ජීවිතයේ සුන්දර මතකයන්..

අවසාන දිනයේ photoඑකට අහුල ගන්න පුලුවන් උනේ කොල්ලො මෙච්චරයි!





මම පාසල් ගියේ කොලඹ ආනන්ද විදුහලට..කාටවත් අමුතුවෙන් ආනන්දෙ ගැන කියල දෙන්න ඕන නැහැනෙ??හැමොම දන්න විදිහට මෙහෙ තියන හොදම පාසල..මම 1 වසරට අතුලත් උනේ 1997.1 වසර නිල් පන්තියට තමයි ගියෙ..පන්ති භාරව හිටපු මැඩම් ගෙ නම ''පද්මිනී'' ද කොහෙද..දැන් ගොඩ කාලයක් ගිය නිසා එච්චර මතකයක් නැහැ..
                                              ම්ම්ම්ම්.....ඒකාලෙ මම සැර bright කොල්ලෙක් දැන් මෙහෙම හිටියට.හැමදාම පන්තියෙ දෙවෙනිය..


ඔහොම ඔහොම ආනන්දෙ primary එකේ හිටපු කාලයත් ගෙවිල ගියා..ඊට පස්සෙ 6 වසරට..6 වසරෙදි තමයි මගෙ scoutingජීවිතේ ආරම්භ උනේ..එදා ඉන්දල මටත් මරු මරු අත්දැකීම් වලට මුහුන දෙන්න සිදු උනා..මම නම් කියන්නෙ කොල්ලෙක් උනාම  scouting or cadeting අනිවා කරල තියෙන්න ඔන..නැත්තම් වැඩක් නැහැ..මගෙ පලවෙනි camp එක ගියෙ කිතුල්ගල..ඒ 2002 දි..මම ඒකෙදි ඉන්න බැහැ කියල අම්බානකට ඇඩුවා..ඒ කාලෙ ඉතින් හිච්චි කොල්ලෙක් නෙ..
                                    ම්ම්ම්ම්ම්...7 වසර ,8 වසර,9 වසර නිකම්ම ගෙවිල ගියා..ඔන්න හා..හා..පුරා කියල දිග කලිසම් අදින්න ගත්තෙ 10 වසරෙදි..ඒ වෙනකොට අපි ලොකු කොල්ලො නේ...11 වසරෙදි අපි අපේ scouting life  එක පොඩ්ඩක්  pause කරා..මොකද O/L  නිසා..කොහොම කොහොම හරි වලට A 10කුත් ගත්තා..        
                               ඊට පස්සෙ A/L..කරන්න කියල ‍තෝරගත්තෙ  MATHS.12-13 පන්ති වල ගන්න පුලුවන් ඔක්කොම fun ගත්ත.කරන්න තියන භාහිර වැඩ ඔක්කොම කලා..බැරිමරගාතෙ weight lifting නුත් කලා.කොහොම හරි ආනන්දෙ colorsත් ගත්තා.A/L වලට extra classes ගියා..අපි ඉතින් තැනකට ගියොත් මොකක් හරි හෙන ගෙඩියක් නෙ..යන යන තැන කෙල්ලො set  වෙනව..බැරිම තැන ගෙදරට sirල ගෙන්නල පාඩම් ටික කොරගත්ත..
                       නොදැනීම කාලය ගෙවිල ගියා වෙඩි වගේ..2010 අගෝස්තු වෙලා කොහොම හරි A/Lත් කරා..G.K paper එක දවසෙ කට්ටියටම මාර අප්සෙට්..මොනව උනත් මෙච්චර කල් එකට ඉදල වෙන් වෙලා යන්න උනහම ඕනම කෙනෙක් ගෙ හිතට දුකයි.මේ යකඩයගෙ හිතටත් මාර අප්සෙට්..මොනව කරන්නද...''ප්‍රියයන්ගන් වෙන් වීම දුකකි'' කියල බුදු හාමුදුරුවොත් කියල තියනව නෙ...කොහොම කොහොම හරි කට්ටිය අන්තිම දවසෙ  photos එහෙම අරගෙන,ඇති වෙනකම් කාල බීල fun 1 ක් අරගෙන විසිරිලා ගියා...




                                         කොහොම කොහොම හරි පාසලේ වසර 13ක් නොදැනීම ගෙවිල ගියා..පොඩි කාලෙ නම් හිතුවෙ කවද මේ කරදරේ ඉවර වෙයිද කියල..එත් දැන් තමයි තේරෙන්නෙ පාසල් ජීවිතය කොච්චර සුන්දරද කියල...
                                                              ඔබ සැමට ආනන්ද මාතාවගේ සරනයි!
                 සමනල ‍රැනක් සේ ඉගිලී...අකුරට ගිය පාසල් කාලේ...ආයෙත් එනවානම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ..


!