Sunday, December 25, 2011

මෙවන් විපතක් වනේ වන සතුරෙකුටවත් නොවේවා..!



මෑත ඉතිහාසයක රනිල් වික්‍රමසිංහ නොලද්දාගෙන් පසුව කෙනෙක් කුනු බැනුම් ඇසුවා නම් ඒ අන් කවරෙකුත් නොව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ ය. 2011 අ.පො.ස උ.පෙ. ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධව අහගත හැකි සියලූම ආකාරයේ නින්දා අපහාස, මඩ ප්‍රහාර, දෙමාපිය වන්දනාමාන කිරීම් සියල්ලක්ම මෙතුමාට නත්තල් තෑගි ලෙස ලැබී ඇත. මගෙ මුහුණු පොතේ උ.පෙ ලියූ සහෝදර සහෝදරියන් දමා ඇති කීපයක් පහත දැක්වීමට කැමැත්තෙමි.

*ඉස්සර නම් Results එනව කිව්වම පන බයයි...ඒත් අද නම් Results දෙනව කිව්වම අපි හිනා වෙනව..ලොල් Anura uncleui අපෙ resultsui පට්ට Joke එකක් වෙලා..ඒකෙත් හෑටි

*දෙනෙකුගේ පමණ z ගණනය කිරීම සඳහා වේගවත් ගණනය කිරීමේ හැකියාවක් ඇති මෙවර උසස් පෙළ ලියු කිහිප දෙනෙකු අවශ්‍ය කර ඇත...

*Anura Edirisinghe next athme oba magema puthek wewa.....!!!

*අනුර එදිරිසිංහ මහතාගේ දරුවා බිහිවීමට ඉතා ආසන්න බැවින් මේවන විට ප්‍රසූතිකාගාරයට රැගෙන ගොස් ඇති බව ස්වාධීන රූපවාහිනිය පවසයි... දරුවා බිහිවනතුරු බලා ඉන්නට සිදුවන බව දරුවා බලෙන් ගන්නට උත්සාහකළ බන්දුල හා එස්.බී දොස්තරවරු පවසති... බබා අද නැත්තන් එයාලට පුළුවන් වෙලාවට ඒවි...

*home page එකට ගිහාම පට්ට ආතල්.හැම එකාම අනුරයට බැනල. හික්ස්..යකෝව් අච්චර මිනී මරපු හිට්ලර් වත් මෙච්චර බැනුං අහල නැතුව ඇති! දෛවයේ සරදම කියන්නෙ මේකටද මංද! මොනව උනත් පව් අනුර කොලුව. ලොල්

*anura edirisinghe is an ASSHOLE !

*අනුර දරුවන්ට ප්‍රතිඵල ලබා දෙයි. - ITN NEWS
ඔව් ඔව් හම්බුනා අනුරගේ අම්ම්ගේ රෙද්ද....

*අනුර මාමෙ ,ආඩම්බරකාර තාත්තේ කො අපිට 6ට දෙනව කිව්ව නත්තල් තෑග්ග....... ??????

*Ko yako dan ewanwa kyapu rslt eka.????ape athal eka kawa....

*හූ හූ අනුරයා..
තෝ අපිවත් කෑවා..
අපේ මල්ලිලාවත් කෑවා..
A / L ප්‍රතිඵල අද නොවේ හෙට..

*අපේ ඔලුවට ගිනි තියපන්කෝ අනුරයෝ!!!!

*ගොන් අනුරයා.... අපිව කනවා

*What the EFFFF is wrong with this Exam department assholes...u morons u kill us will u...when we werte doin o/l in 2008 u sukers made us do the MATHS paper twice.b4 dat u changed da syllabus...and for A/l's u again changed da syllabus and in da exam we almost died ansering...and then u were gonna make us do the ACCOUNTS paper twice...and NOW u r not fukin giving the results even...WT da fuk u think of us u assholes...We r Humans not Robots.hw many of us wont be able to eat,Sleep or do anything till thi shit comes? and u keep telling it will come from 2months.... GOd wont let u die easlily...FUKERZ of Exam department...

මේවා කියවා අනුර එදිරිසිංහ මයා ට අනුකම්පාකොට ඔහුට සහ ඔහුගේ මේවනවිට මියගිය නෑදෑයින්ට පිං පමුණුවන්න. සාදු!

Sunday, December 18, 2011

~ නිළියෝ සහ නිළියෝ ~

*මේ ලිපිය නිළියන් වන සියලු දෙනා දෙසටම ඇඟිල්ල දිගු කිරීමක් ලෙස නොසලකන්න.

මම පහුගිය දවසක ටී.වී එක ඉස්සරහ වාඩිවෙලා ප්‍රධාන පෙළේ නාලිකාවක වැඩසටහනක් දාගත්තේ එදා ඒ වැඩසටහනට ඇවිත් හිටියෙ අපේ ටිකක් ඇහැට කනට පේන නංගිල දෙන්නෙක් නිසා.එක්කෙනෙක් අපේ මංත්‍රී තුමිය පබා සහ අනෙක් නංගි නදීශා හේමමාලී. දෙන්නම ශෝයි.
එක් අවස්ථාවක අපේ මුදිත ( වැඩසටහන මෙහෙයවන්න බුවා ) නදීශා ගෙන අහනව ටෙලි නිළියන් ගණිකා වෘත්තියේ නියැළීම පිලිබඳ අදහස. (උට අහන්න වෙන ප්‍රශ්නයක් තිබ්බෙම නැද්ද මංද).පහුගිය වකවානුවේ ඔය මාතෘකාව සෑහෙන්න කතාබහට ලක් උන නිසාත්, ටිකක් වැදගත් වගේ දැනුන නිසාත් මමත් කට කනේ තියාගෙන අහන් උන්න මේකි මොකෑ කියන්නෙ කියල.
ගත් කටටම කියුවේ ගණිකාවන් නැති වුවහොත් මේ රටේ මිනිසුන් පිස්සන් විය හැකි බවය.
මම මේ අවස්ථාවේ වීඩියෝව අන්තර්ජාලයේ සොයා ෆේස්බුකියේ ප්‍රසිද්ධ කල පසු එයට ලැබුන ප්‍රතිචාර කීපයකුත් පහළින් දාන්න හිතුව.

* මේකි කටෙන්ද බං මේක කියන්නෙ... ගෑනියෙක් ගෑනු ගැන කියන කතා! ලොලේ ලොල් :D

* මේකි අදහන්න වටින ගෑනියෙක්නෙ බං...රොම්බා ලොල් ඕයි..!!

* මල් තියහන්... ඕකි වගේ 10ක් ඇති අපේ කාන්තා පරපුර විකුණා කෑමට..හික්... ඔන්න එයා පාර්ලිමේන්තුවට යැව්වනම් හරි.. :D

* කව්ද කැමති තමන් හම්බ කරන් කන රස්සාව බාල්දු කරන්න...

* what she shud have said it certain sector of men , not generally all men . Ehema beluwoth meyagema thaththa , aiiya and malli and future husband uth pissu wetenawa ethi pros la nethan !

*ගණිකා වෘත්තිය ගැන පුද්ගලයගෙන් පුද්ගලයාට තියෙන මතය වෙනස් වෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට ඕනම මතයක් දරන්නත් පුලුවන් ඒත් මේ ගෑනිට ගණිකාවෝ නැති වුනොත් පිරිමි පිස්සෝ වෙනවා කියන්න හයියක් කොහොන්ද?? මේ ගෑනි කියන විදිහට නම් මේකිගේ තාත්තා පිස්සෙක් නෙමෙයි නම් මේකිට තව සහෝදර සහෝදරියෝ හෙම සෑහෙන්න ඇති...මේකිත් මේකිගේ අම්මට ෂොට් එකක් හිටලා තාත්තා කවුද කියන්න දන්නැතිව ඉපදිච්ච එකක් වෙන්න ඇති...අනේ ඇත්තට මෙහෙමත් ගැනු...කිසිම බයක් සැකක් නැතිව කියන හැටි විතරක්..වේස කමේ යනව මදිවට දැන් එනව මෙතන පත්තිනි අම්මා වෙන්න...

*දී කිරට බළලුත් සාක්‌කිලු...!!!
තෑංක්‌ස්‌ නංගී ඔයා අපි වෙනුවෙන් කතා කලාට.මම එලියට ආපු ගමන් ඔයාවත් අපේ ටීම් එකට ජොඉන්ට්‌ කොර ගන්නවා.
-ජීනා මැඩම්



මෙයා මේවගේ දෙයක් කියන්න හේතුවකුත් නැතුවමත් නෙමෙයි නෙ. මේක කියවන කවුරු කවුරුත් මේ නංගි ගෙ හැකියාවල් දැක ඇතුවාට සැකයක් නැහ නෙ.

කෙසේ නමුත් මේ පිළිබඳව කියන්න දේවල් ගොඩක් තියනවා. ඒවා වෙනමම ලිපියකින් ලියන්න මගෙ අදහසක් තිබේ. නමුත් කවදා හෝ මේ නංගී කසාද බැන්ද විට තම ස්වාමියාගේ මානසික සුවය පිනිස තම ස්වාමියාව ගණිකාවන් වෙත යැවීමට තරම් උදාර චේතනාවෙන් යුතු කාන්තාවක් බව සිහියේ තබාගන්න..

ප.ළි - එහෙම කළාම මෙයාටත් තව වටේ යන්න පුලුවන් නෙ.

Sunday, December 4, 2011

නිදිමත සහ ඉංජිනේරු සිහින...


අද මම ලියන ලිපිය නම් එච්චර ආගන්තුක එකක් නෙමෙයි.මේක කාටත් පොදු ප්‍රශ්නයක්. ඒ තමයි නිදිමත..

අපි ප්‍රයිවට් උනත් උපාධියක් කොටා ගන්න ඉගෙන ගන්න උන්.පණදාගෙන ඒ/එල් කරත් කරුමෙනිසා දෝ කෙලවී දැන් සුද්දාගේ පිහිටෙන් ගොඩයන්න දඟලන්නන් වෙලා.
මාව ප්‍රයිවට් කැම්පස් දාද්දි අම්ම කිව්වෙ තමුසෙ මේකත් කෑවොත් ආයෙ ගොඩ ඒමක් නම් නෑ කියල.

ප්‍රයිවට් ඔක්කොම හොඳයි පැය ගනන් ලෙක්tures වලට කන් දී ගෙන ඉන්න එක තමයි එපාම කරපු අප්‍රසන්නම වැඩේ.මේක ප්‍රයිවට් කැම්පස්, රජයේ විශ්වවිද්්‍යාල කියල නෑ..කාටත් පොදු බරපතල ගැටලුවක් වෙලා..
ගොඩක් උන් කරන්නෙ එක්කො උන්ගෙ ෆෝන් අරන් කෑලි වලට SMS ගහනව.,සමහරු ටී...............ක් බලනව.,සමහරු හිත කොහෙවත් ඒත් ඇස් දෙක බෝඩ් එකේ.කෙල්ලො ගැන නම් කියල වැඩක් නෑ..
මෙලෝ දෙයක් තේරුනේ නැතත් lecturer කියන ඒව ලියගෙන..ලියගෙන..ලියගෙන.. යනව. උන්ට නම් track ද මංද.

කොහොම උනත් අපේ සෙට් එකේ නම් ඉන්නෙ කුම්බකර්ණ පරම්පරාවෙන් එක පොරවල් ටිකක්. එන්න විතරයි ඕන මුං නිදි.
හයියෝ සල්ලි කියල හිතෙන්නෙ එතකොට තමයි ඉතිං.මොනව උනත් සල්ලි නෙ දැංකාලෙ.
අවුරුද්දකුත් ගියා..ඒත් මේ වලදි එන නිදිමත ගියෙ නැති එක තමයි ලොකුම ප්‍රශ්නෙ.ඔය කැම්පස් වල මේ ප්‍රශ්නෙ ගැන කවිත් ලියනව කියල මමත් පොඩ්ඩක් විපරමක් දාල බලුව මොකක්ද මේ කව් සිතුවිලි කියල..නරකම නෑ..නින්දත් එක්ක මුන් පට්ට කවිත් ලියනව නෙ.එක්දාස් නවසිය බර ගනං වල හිටියනම් ලියපු උන්ට කවියො වෙන්නත් තිබුන.
දැං කාලෙ කොහෙද කවි වලට ප්ලේස්. ඒ ඉස්සර.දැං තියෙන්නෙ කන කඩාගෙන යන සංගීතයක් නෙ.

වසරින් වසර ගෙවිලා යයි සුව කැන්දා...
lectures නම් නොතේරුනේ කරුමෙද මන්දා...
slides කෝටිගානක් සිහිනෙක රන්දා...
අපි නම් කලේ නිදියන එකමද මංදා...

80% ක පැමිණීමක් ගන්න...
අප දිවගියා පසු පස පෙළ අල්ලන්න...
ඕනම තැනක ගොර ඇද ඇද නිදියන්න...
පොඩි පු‍ටුවකින් කොටසක් විතරක් දෙන්න...


කොහොම උනත් හැමැකාටම හීනෙන් විභාග වලට එන ගනං කෑලි පෙනුනොත් හොඳයි.නැත්තම් කස්ටියටම අඹසරණයි!



ප.ලි - නින්දත් අතිශය වැදගත් තමයි. ඒත් තමතමං ගෙ අනාගතය සිහින වලට යට කරගන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.
අපේ අම්ම කියනව වගෙ ''පොතක් පතක් බලන් දැං වත් හැදියං'' කියල තමයි කියන්න වෙන්නෙ.
වෙන්ඩ ඉංජිනේරුවන් සැමට සිමෙන්ති කොට්ටයේ සරණයි!

Thursday, November 24, 2011

තව පොඩ්ඩෙන් අවසන් ගමන් යාම සහ 99න් ගැලවීම...

හ්ම්...හත් අවුරුද්දකින් ආයෙ ලිපියක් ලියන්න හේතු උනේ නූලෙන් පණ බේරුන සිද්දියක් නිසා..

හැමෝම දන්නව මමයි,මෙනකයි,තිසරයි ( ICBT එකේ ඉන්න කුප්පම කටවල් ඇති,නොගිය තැනක් නැති, නොයන තැනකුත් නැති පොරවල් තුන) lectures එන්නෙ Train එකේ බව.
අපි ඉතින් කැළෙනියෙන් train එකට නගිනව කියන්නෙ තනි ඇහැට ඇඬෙන වැඩක්..ඇතුලෙ..දොරේ..වහලෙ..රිම් එකේ..එන්ජිමේ..අරකෙද මේකෙද හැම එකේම සෙනග පොල් පටෝල..ඇතුලට ගිහින් විහින් දූෂණය වෙන්න කැමති නැති නිසා.අපි තුන් දෙනත් ඉතින් එහෙන් මෙහෙන් එල්ලිලා තමයි එන්නෙ..වහලෙත් එනව..කවදාවත් මජං ගෑවෙන එකෙන් එහාට මොකුත් වෙලා නෑ..(ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනව.තිසර දවසක් හුළඟට ගහගෙන යන්න ගිය එක)


උදේට යනව...හවසට ආයෙ train එකේ නැගල එනව..මේ scene එක උනේ හවස මංගච්චන්න ගිහින්.මගුල් මුතු කුමාරි train එක හවසට කැළණියෙ නවත්තන්නෙ නැති නිසා අපි දෙමටගොඩින් බැහැල වෙන train එකක එනව (මුතු කුමාරි ගෙ අම්ම මතක් වෙන්නෙ මේ වෙලාවට තමයි).

එදත් ඒවගේම දෙමටගොඩින් බැස්ස..අලුතෙන් ගෙනාපු train එකක් වත් ආවොත් ආතල් කියල හිතගෙන..ඊළ්ඟට ආවෙ ලී කෝච්චියක්.වෙනදට එන කෝච්චියට හෙනගැහිලද මංද ලී කෝච්චියක් එව්වෙ.
එව්වෙ..එකෙනම් යන්න තියා හිතන්නවත් බෑ..ඇතුලෙ..දොරේ..වහලෙ..රිම් එකේ..එන්ජිමේ..ගාඩ් රූම් එකේ හැම තැනම සෙනග..අපිටත් කැහිල්ල නෙ..බැලුව වහලෙට නගින්න..ඉනිමං දිරල.බැලුව රිම් එකෙ යන්න, ඒකත් මළකඩ කාල..ට්‍රයි එකක් දුන්න ගාඩ් රූම් එකේ යන්න..ගාඩ් අපේ ගෙවල් වල උන් මතක් කරපු නිසා ඒ අදහසත් අත් ඇර ගත්ත.




කොච්චිය අද්දන්න ඔන්න සහ මෙන්න කියල තියෙද්දි දුන් දෙනා එල්ලුනා මැද හරියෙ පෙට්ටියක් දොරේ..තප්පර 5ක් යන්න ඇති සටපට සටපට සටපට ගාල සද්දයක් ආව..එකපාරටම මොකක්ද මගුලක් කකුලෙ වැදුනා..මගෙ ඇස් දෙක නිල් වෙලා ගියා..ඒවෙද්දිත් ලෝකෙ නැති එව කකුලෙ වැදි වැදි තිබ්බෙ..මෙනක ''අම්මෝ''ගාන සද්දයක් ඇහුණා මතකයි..තව එකෙක් ''අයියෝ සපත්තුව...'' කියනව අහුනා එච්චරම තමයි..නිල් වෙච්ච ඇස් පෙන්න ගත්තෙ කැළනි ගඟ හරියෙදි..බැලින්නම් frootbod එකේ ගිය ඔක්කොමගෙ කකුල් station එකේ platform එකේ කැඩිච්ච කෑල්ලක වැදිල පෝලිමට.දෙයියනේ කියල පොඩි තැල්මකින් මම බේරුනා. තිසර ගෙ කකුලෙ ලෙලි කැළණි ග‍ඟේ.මේනකය දත් 32 පෙන්නල ''ගියා ගියා ගියා..'' කිව්ව..මමත් නිකම් බැලින්නම් මුගෙ ඇඟිල්ල කඩල ගිහින්.සපත්තුව ගැලවිලා ගිය කොල්ල කඳුලු සලනව සපත්තුව ගැන හිත හිත..frootbod එකේ ලේ එකයි.ඔයින් මෙයින් ගියා මදැයි..කරුමෙට වත් වැදිච්ච් පාරට footobord එකෙන් ලිස්සල වැ‍ටුන නම් එතනමයි.

කොහොමෙන් කොහොමෙන් හරි ජීවිතේ බේරගෙන ඉන්න කොට..ටික දවසකින් මටයි මෙනකටයි ඕක මතක් වෙනව මෙන්න මෙහෙම..


අවසාන මොහොත මගේ........
සුලගිල්ල දෑස මානේ....
පෙනෙවි කකුල මාගේ...මෑවී මෑවී මාගෙ ඔලුවෙ....
අවසාන මොහොත මගේ.....

පොඩිකාලෙ වීදි අතරේ...
සුලෙඟිල්ල තිබ්බේ කකුලේ...
අද ඉතින් නෑනෙ කකුලේ...
වැනි වැනී තිබෙන්නෙ කකුලේ...//

හෑමදම යන්නේ බසයෙ...
එදා ගියෙ කරුමෙට ඔකේ .....
කොච්චියෙ..එල්ලිලා..ගිය නිසා කෙලවුනා..
ඉවසන්න බෑනෙ අම්මෙ.....

අවසාන මොහොත මගේ........//

මේ කෲර පාපුවරුවෙ ගැට්ටේ...නොමිනිසුන් සමගින් එල්ලී.....
සිටි නිසයි මාගෙ කරුමේ.... මේලෙසින් ලීයවී යන්නේ...
එල්ලිලා ගිය නිසා...ගැලවිලා ගියෙ ඔයා...
හයිවෙලා යන්නෙ නෑනේ,.....අඳුරු වීලා මගෙ කකුලේ...

අවසාන මොහොත මගේ........//


ප.ළි - ආයෙනම් ජීවිතේට එකේ යන්නෙ නෑ කියල තුන්දෙනා කතා උනා,හැබැයි ඊට පස්සෙ දවසෙත් ගියෙ වහලෙ තමයි!

Saturday, July 9, 2011

දුලියාගේ assignment ලෝකය..!!

හත් අවුරුද්දකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ විසිට් එකක් දාන්න කියල ආව..මගෙ බ්ලොග් එක දැක්කම මටම ඇඬෙනව තනි ඇහෙන්..ඉතින් මොනව හරි ලියන්න ඕන කියල හිතුන.හිතුනට මොකෝ මෙලෝ රහක් නෑ..මොලේ පිරිල වැඩ වලින්,ඇයි ඇහුවොත් Assignments බැලුවොත් Re-Submit.
මොනව කරන්නද, ඒ/එල් වලින් පස්සෙ පොල් කඩන්නයැ.දැන් පොල් ගස් වලත් පොල් කුරුමිණියො.ඉතින් හොයල බලල,හිතල මතල සිවිල් ඉන්ජිනේරුකමක් ගන්න ට්‍රයි එකක් දාන්න ගත්ත.ඔය ප්‍රයිවට් කැම්පස් වල තියන ආතල් දැකල මාත් එක පයින් නෙමේ දෙපයින්ම කැමති උනා..හත් වලාමයි,කවුද හිතුවෙ මෙහෙම වැඩ කරන්න වෙයි කියල.මේ කරන කෙරිල්ල කලා නම් මම ආනන්දෙ 2010 A/L Batch Top.
පලවෙනි සෙමිස්ට්ර් එක යන්නෙ තවම.ඉඳල ඉඳල දුන්න assignments 2ක් මාස 2ක් විතර ගිහාම.ඊට පස්සෙ Health & Safety වලින්ම තවත් එකක්.කොහොම කොහොම හරි තටඹල තටඹල කොලා..කඩ්ඩෙන් එපැයි කරන්නත්..ඔන්න සිංහලෙන් තිබ්බ නම් මොකක් හරි පචයක් ඇදබාන්න තිබ්බ.කොහොම කොහොම හරි දන්න දහම් ගැට දාල ඒක සබ්මිට් කලා.කරල දෙයියනේ කියල දවස් 2ක් ගියෙ නැහැ මෙන්න පළවෙනි assignment එක re-submit ( re-submit කිව්වට re-submitම නෙමේ re-correction කියල සර් නම් කිව්වෙ).හා හොඳයි කියල බල්ල වගෙ ගිහින් assignment එක අරන් ආව.ඇවිත් විනාඩි 5ක් යන්න ඇති මහේෂ් ( ICBT MD කියල හිතන් ඉන්න පොර)ඇවිත් තවත් උණු උණු assignments 2ක් ම දුන්න කියපංකො.මගෙ ඉස්ස හඳේ.
ගත්ත assignments දෙක අතට..පලවෙනි එක Engineering Science.තනිකර Electrical ඒව.ඒක එහෙම්ම පැත්තකට දැම්ම.කුප්පියක් අල්ලල කරගන්නව කියල හිතල.දෙවෙනි එක ගත්ත..හෙන ගහපං! PHD එකට USA යනව කියපු අපේ Rusthi ස්ර් ගෙ assignment එකක්.නිකම්ම එකක් නෙමේ.තනි තනිවම construction sites හොයන් ගිහින් කරන්න ඕන එකක්.දෙනකොට දීපං group assignment එකක්. දැං ඉතින් වෙන කුමක් කරන්නද??...දීපු දවසෙ ඉඳන් තවම site එකක් හොයනව.

තව ඉස්සරහට මොන මොන හෙන වදීද දන්නෑ..අලුත් ලිපියක් ලියන්න තරම් රස කතා තියෙයි කියල හිතමු..assignment එක හොඳින් කරගන්න හොඳ එකක් හම්බ වෙන්න අපෙ කොල්ලො කෙල්ලො එකටම සුභ පතමි..ජයෙන් ජයම වේවා!