හරි..මගෙ කතාවට බහින්නම්කො..මම මගෙ බාලදක්ෂ ජීවිතේ පටන් ගත්තෙ 6 වසරෙදි..මම primary එකේදි cub scouting කරල තිබුන නිසා මම හිතාගත්ත දිගටම කරනව කියල..කොහොම කොහොම හරි ඉස් ඉස්සර වෙලාම troop එකට join වෙච්ච දවස අද වගේ මතකයි..2002.03.15 සිකුරාදා..හ්ම්ම්ම්ම්ම්.ඒ වෙනකොට අපිත් එක්ක තව කොල්ලො ආව.ඒත් අන්තිමේදි ඉතුරු උනේ සිරාම කොල්ලො ටික විතරයි..ඔනතැනක එහෙමනෙ....

ඇත්තටම ඒ camp එක නම් නියම එකක්..කට්ට උපරිමේටම..fun එකත් උපරිමේටම තිබුන.
හැම එකක් ගැනම කියන්න ගියොත් මට අද මේක ලියන්න වෙන්නෙ නෑ..එක නිසා මම ලුහුඩින් කතාව කියන්නම්.
අපි සහය කාන්ඩ නායකයො විදිහට පත් උනේ 9 වසරෙදි..මුලින්ම වගකීමක් පැවරුනේ එතකොට තමයි..මම 10 වසරෙ ඉන්නකොට මට ''උකුස්සා කාන්ඩයේ'' කාන්ඩ නායක කම ලැබුනා..සෑහෙන වගකීමක් ඒ වයසෙ හැටියට..කොහොම හරි ඒ වගකීමත් අවුරුද්දක්ම මගෙ උපරිමයෙන් ඉටු කලා..
ඒ වෙනකොට අපි රට වටේම camp ගිහින් තිබුන.scout කෙනෙක් විදිහට ගන්න තිබුන අත්දැකීම් සෑහෙන්න ලබාගෙන තිබුනා.camps,hikes ගිහින් තිබුන.
ඔහොම යනකොට අවුරුද්දත් ආව..එතකොට ටිකක් භයනකයි නෙ..කොහොමත් අපේ troop එකේ සම්ප්‍රදායක් විදිහට O/L කරන අවුරුද්ද release කරනව scouting වලින්. අයෙ තියෙන්නෙ 12 වසරෙදි..ඉතින් අපේ එකෙ කට්ටිය ඔක්කොම හොද results අරන් පාස් උනා.මටත් තියනව A10ක් ම.
2009 කැම්පෝරි එකේදි.. |
අපි ඉතින් O/L ඉවර වෙලා අයෙත් වැඩ පටන් ගත්ත..ඒ seniorsල විදිහටකරන්න රාජකාරි බොහොමයි..කොහොම හරි සියලු බාධක මැද අපි අපේ වගකීම් අපට හැකි අයුරින් ඉටුකලා.එහෙම කරන කොට නොසෑහෙන්න ඇනුම්පද,බැනුම් අහන්නත් උනා..එව මේ කනෙන් අහල ගන්න තියන වැදගත් දේ අරගෙන අනිත් කනින් පිට කලා...
2009 අවුරුද්ද අපිට තීරනාත්මක වසරක් උනා.මොකද අපි troop[ එකේ ඉන්න අන්තිම අවුරද්ද වීම නිසාත්,අපි troop එකේ board එකේ ඉන්න නිසාත්ය.
සුද්ද සින්හලෙන්ම කිව්වොත් troop එක run කරන්න තිබ්බෙ අපිට.. අවුරුද්ද මුල සිටම බාධා එමට ආව..කොහොම කොහොම හරි සමහර බාධාවන් විනාශ කරල,සමහර එවා නොසලකා හැරල,තවත් සමහරුන්ගෙ ඇස් වහල අපි අපේ වැඩ ටික තිතට කලා..troop එකේ මල්ලිලට scout කෙනෙක් විදිහට ගන්න පුලුවන් සියලු අත්දැකීම් දෙන්න අපි වගබලා ගත්ත. කදවුරු,කාන්ඩ චාරිකා,කැම්පෝරි,training camps,ගිනිමැල යනාදී සියලු ක්‍රියාකාරකම් අපි සාර්ථකව සිදුකලා..මේ දේවල් කරන්න අපිට පහලින් හිටපු batch එකේ මල්ලිලත් ගොඩක් සහයෝගයක් දුන්න.
tree plantation program 2009 |
![]() |
2009/10 නිලධාරී මඩුල්ල |
නියම Post එක මචෝ
ReplyDelete"අපි සෙට් එක,ඒ කියන්නෙ අපි 7 දෙනා,තවත් විදිහකින් කිව්වොත් මගෙ හොදම යාලුවොටික,ජීවිතේට වෙන් වෙන්නෙ නැති බව නම් මට ඉර හද මෙන් විශ්වසයි!!!"
ReplyDeleteමේක නම් මටත් ඒ වගේම විශ්වාසයි මචෝ... :)