Saturday, July 9, 2011

දුලියාගේ assignment ලෝකය..!!

හත් අවුරුද්දකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ විසිට් එකක් දාන්න කියල ආව..මගෙ බ්ලොග් එක දැක්කම මටම ඇඬෙනව තනි ඇහෙන්..ඉතින් මොනව හරි ලියන්න ඕන කියල හිතුන.හිතුනට මොකෝ මෙලෝ රහක් නෑ..මොලේ පිරිල වැඩ වලින්,ඇයි ඇහුවොත් Assignments බැලුවොත් Re-Submit.
මොනව කරන්නද, ඒ/එල් වලින් පස්සෙ පොල් කඩන්නයැ.දැන් පොල් ගස් වලත් පොල් කුරුමිණියො.ඉතින් හොයල බලල,හිතල මතල සිවිල් ඉන්ජිනේරුකමක් ගන්න ට්‍රයි එකක් දාන්න ගත්ත.ඔය ප්‍රයිවට් කැම්පස් වල තියන ආතල් දැකල මාත් එක පයින් නෙමේ දෙපයින්ම කැමති උනා..හත් වලාමයි,කවුද හිතුවෙ මෙහෙම වැඩ කරන්න වෙයි කියල.මේ කරන කෙරිල්ල කලා නම් මම ආනන්දෙ 2010 A/L Batch Top.
පලවෙනි සෙමිස්ට්ර් එක යන්නෙ තවම.ඉඳල ඉඳල දුන්න assignments 2ක් මාස 2ක් විතර ගිහාම.ඊට පස්සෙ Health & Safety වලින්ම තවත් එකක්.කොහොම කොහොම හරි තටඹල තටඹල කොලා..කඩ්ඩෙන් එපැයි කරන්නත්..ඔන්න සිංහලෙන් තිබ්බ නම් මොකක් හරි පචයක් ඇදබාන්න තිබ්බ.කොහොම කොහොම හරි දන්න දහම් ගැට දාල ඒක සබ්මිට් කලා.කරල දෙයියනේ කියල දවස් 2ක් ගියෙ නැහැ මෙන්න පළවෙනි assignment එක re-submit ( re-submit කිව්වට re-submitම නෙමේ re-correction කියල සර් නම් කිව්වෙ).හා හොඳයි කියල බල්ල වගෙ ගිහින් assignment එක අරන් ආව.ඇවිත් විනාඩි 5ක් යන්න ඇති මහේෂ් ( ICBT MD කියල හිතන් ඉන්න පොර)ඇවිත් තවත් උණු උණු assignments 2ක් ම දුන්න කියපංකො.මගෙ ඉස්ස හඳේ.
ගත්ත assignments දෙක අතට..පලවෙනි එක Engineering Science.තනිකර Electrical ඒව.ඒක එහෙම්ම පැත්තකට දැම්ම.කුප්පියක් අල්ලල කරගන්නව කියල හිතල.දෙවෙනි එක ගත්ත..හෙන ගහපං! PHD එකට USA යනව කියපු අපේ Rusthi ස්ර් ගෙ assignment එකක්.නිකම්ම එකක් නෙමේ.තනි තනිවම construction sites හොයන් ගිහින් කරන්න ඕන එකක්.දෙනකොට දීපං group assignment එකක්. දැං ඉතින් වෙන කුමක් කරන්නද??...දීපු දවසෙ ඉඳන් තවම site එකක් හොයනව.

තව ඉස්සරහට මොන මොන හෙන වදීද දන්නෑ..අලුත් ලිපියක් ලියන්න තරම් රස කතා තියෙයි කියල හිතමු..assignment එක හොඳින් කරගන්න හොඳ එකක් හම්බ වෙන්න අපෙ කොල්ලො කෙල්ලො එකටම සුභ පතමි..ජයෙන් ජයම වේවා!

2 comments:

  1. ayye oya Anandeda. Proud to be an Anandian. Mamath Anande.thama 9 vasare.

    dushantech.blogspot.com

    ReplyDelete