හ්ම්...හත් අවුරුද්දකින් ආයෙ ලිපියක් ලියන්න හේතු උනේ නූලෙන් පණ බේරුන සිද්දියක් නිසා..
හැමෝම දන්නව මමයි,මෙනකයි,තිසරයි ( ICBT එකේ ඉන්න කුප්පම කටවල් ඇති,නොගිය තැනක් නැති, නොයන තැනකුත් නැති පොරවල් තුන) lectures එන්නෙ Train එකේ බව.
අපි ඉතින් කැළෙනියෙන් train එකට නගිනව කියන්නෙ තනි ඇහැට ඇඬෙන වැඩක්..ඇතුලෙ..දොරේ..වහලෙ..රිම් එකේ..එන්ජිමේ..අරකෙද මේකෙද හැම එකේම සෙනග පොල් පටෝල..ඇතුලට ගිහින් විහින් දූෂණය වෙන්න කැමති නැති නිසා.අපි තුන් දෙනත් ඉතින් එහෙන් මෙහෙන් එල්ලිලා තමයි එන්නෙ..වහලෙත් එනව..කවදාවත් මජං ගෑවෙන එකෙන් එහාට මොකුත් වෙලා නෑ..(ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනව.තිසර දවසක් හුළඟට ගහගෙන යන්න ගිය එක)
උදේට යනව...හවසට ආයෙ train එකේ නැගල එනව..මේ scene එක උනේ හවස මංගච්චන්න ගිහින්.මගුල් මුතු කුමාරි train එක හවසට කැළණියෙ නවත්තන්නෙ නැති නිසා අපි දෙමටගොඩින් බැහැල වෙන train එකක එනව (මුතු කුමාරි ගෙ අම්ම මතක් වෙන්නෙ මේ වෙලාවට තමයි).
එදත් ඒවගේම දෙමටගොඩින් බැස්ස..අලුතෙන් ගෙනාපු train එකක් වත් ආවොත් ආතල් කියල හිතගෙන..ඊළ්ඟට ආවෙ ලී කෝච්චියක්.වෙනදට එන කෝච්චියට හෙනගැහිලද මංද ලී කෝච්චියක් එව්වෙ.
එව්වෙ..එකෙනම් යන්න තියා හිතන්නවත් බෑ..ඇතුලෙ..දොරේ..වහලෙ..රිම් එකේ..එන්ජිමේ..ගාඩ් රූම් එකේ හැම තැනම සෙනග..අපිටත් කැහිල්ල නෙ..බැලුව වහලෙට නගින්න..ඉනිමං දිරල.බැලුව රිම් එකෙ යන්න, ඒකත් මළකඩ කාල..ට්‍රයි එකක් දුන්න ගාඩ් රූම් එකේ යන්න..ගාඩ් අපේ ගෙවල් වල උන් මතක් කරපු නිසා ඒ අදහසත් අත් ඇර ගත්ත.
කොච්චිය අද්දන්න ඔන්න සහ මෙන්න කියල තියෙද්දි දුන් දෙනා එල්ලුනා මැද හරියෙ පෙට්ටියක් දොරේ..තප්පර 5ක් යන්න ඇති සටපට සටපට සටපට ගාල සද්දයක් ආව..එකපාරටම මොකක්ද මගුලක් කකුලෙ වැදුනා..මගෙ ඇස් දෙක නිල් වෙලා ගියා..ඒවෙද්දිත් ලෝකෙ නැති එව කකුලෙ වැදි වැදි තිබ්බෙ..මෙනක ''අම්මෝ''ගාන සද්දයක් ඇහුණා මතකයි..තව එකෙක් ''අයියෝ සපත්තුව...'' කියනව අහුනා එච්චරම තමයි..නිල් වෙච්ච ඇස් පෙන්න ගත්තෙ කැළනි ගඟ හරියෙදි..බැලින්නම් frootbod එකේ ගිය ඔක්කොමගෙ කකුල් station එකේ platform එකේ කැඩිච්ච කෑල්ලක වැදිල පෝලිමට.දෙයියනේ කියල පොඩි තැල්මකින් මම බේරුනා. තිසර ගෙ කකුලෙ ලෙලි කැළණි ගඟේ.මේනකය දත් 32 පෙන්නල ''ගියා ගියා ගියා..'' කිව්ව..මමත් නිකම් බැලින්නම් මුගෙ ඇඟිල්ල කඩල ගිහින්.සපත්තුව ගැලවිලා ගිය කොල්ල කඳුලු සලනව සපත්තුව ගැන හිත හිත..frootbod එකේ ලේ එකයි.ඔයින් මෙයින් ගියා මදැයි..කරුමෙට වත් වැදිච්ච් පාරට footobord එකෙන් ලිස්සල වැටුන නම් එතනමයි.
කොහොමෙන් කොහොමෙන් හරි ජීවිතේ බේරගෙන ඉන්න කොට..ටික දවසකින් මටයි මෙනකටයි ඕක මතක් වෙනව මෙන්න මෙහෙම..
අවසාන මොහොත මගේ........
සුලගිල්ල දෑස මානේ....
පෙනෙවි කකුල මාගේ...මෑවී මෑවී මාගෙ ඔලුවෙ....
අවසාන මොහොත මගේ.....
පොඩිකාලෙ වීදි අතරේ...
සුලෙඟිල්ල තිබ්බේ කකුලේ...
අද ඉතින් නෑනෙ කකුලේ...
වැනි වැනී තිබෙන්නෙ කකුලේ...//
හෑමදම යන්නේ බසයෙ...
එදා ගියෙ කරුමෙට ඔකේ .....
කොච්චියෙ..එල්ලිලා..ගිය නිසා කෙලවුනා..
ඉවසන්න බෑනෙ අම්මෙ.....
අවසාන මොහොත මගේ........//
මේ කෲර පාපුවරුවෙ ගැට්ටේ...නොමිනිසුන් සමගින් එල්ලී.....
සිටි නිසයි මාගෙ කරුමේ.... මේලෙසින් ලීයවී යන්නේ...
එල්ලිලා ගිය නිසා...ගැලවිලා ගියෙ ඔයා...
හයිවෙලා යන්නෙ නෑනේ,.....අඳුරු වීලා මගෙ කකුලේ...
අවසාන මොහොත මගේ........//
ප.ළි - ආයෙනම් ජීවිතේට එකේ යන්නෙ නෑ කියල තුන්දෙනා කතා උනා,හැබැයි ඊට පස්සෙ දවසෙත් ගියෙ වහලෙ තමයි!
Thursday, November 24, 2011
Saturday, July 9, 2011
දුලියාගේ assignment ලෝකය..!!
හත් අවුරුද්දකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ විසිට් එකක් දාන්න කියල ආව..මගෙ බ්ලොග් එක දැක්කම මටම ඇඬෙනව තනි ඇහෙන්..ඉතින් මොනව හරි ලියන්න ඕන කියල හිතුන.හිතුනට මොකෝ මෙලෝ රහක් නෑ..මොලේ පිරිල වැඩ වලින්,ඇයි ඇහුවොත් Assignments බැලුවොත් Re-Submit.
මොනව කරන්නද, ඒ/එල් වලින් පස්සෙ පොල් කඩන්නයැ.දැන් පොල් ගස් වලත් පොල් කුරුමිණියො.ඉතින් හොයල බලල,හිතල මතල සිවිල් ඉන්ජිනේරුකමක් ගන්න ට්‍රයි එකක් දාන්න ගත්ත.ඔය ප්‍රයිවට් කැම්පස් වල තියන ආතල් දැකල මාත් එක පයින් නෙමේ දෙපයින්ම කැමති උනා..හත් වලාමයි,කවුද හිතුවෙ මෙහෙම වැඩ කරන්න වෙයි කියල.මේ කරන කෙරිල්ල කලා නම් මම ආනන්දෙ 2010 A/L Batch Top.
පලවෙනි සෙමිස්ට්ර් එක යන්නෙ තවම.ඉඳල ඉඳල දුන්න assignments 2ක් මාස 2ක් විතර ගිහාම.ඊට පස්සෙ Health & Safety වලින්ම තවත් එකක්.කොහොම කොහොම හරි තටඹල තටඹල කොලා..කඩ්ඩෙන් එපැයි කරන්නත්..ඔන්න සිංහලෙන් තිබ්බ නම් මොකක් හරි පචයක් ඇදබාන්න තිබ්බ.කොහොම කොහොම හරි දන්න දහම් ගැට දාල ඒක සබ්මිට් කලා.කරල දෙයියනේ කියල දවස් 2ක් ගියෙ නැහැ මෙන්න පළවෙනි assignment එක re-submit ( re-submit කිව්වට re-submitම නෙමේ re-correction කියල සර් නම් කිව්වෙ).හා හොඳයි කියල බල්ල වගෙ ගිහින් assignment එක අරන් ආව.ඇවිත් විනාඩි 5ක් යන්න ඇති මහේෂ් ( ICBT MD කියල හිතන් ඉන්න පොර)ඇවිත් තවත් උණු උණු assignments 2ක් ම දුන්න කියපංකො.මගෙ ඉස්ස හඳේ.
ගත්ත assignments දෙක අතට..පලවෙනි එක Engineering Science.තනිකර Electrical ඒව.ඒක එහෙම්ම පැත්තකට දැම්ම.කුප්පියක් අල්ලල කරගන්නව කියල හිතල.දෙවෙනි එක ගත්ත..හෙන ගහපං! PHD එකට USA යනව කියපු අපේ Rusthi ස්ර් ගෙ assignment එකක්.නිකම්ම එකක් නෙමේ.තනි තනිවම construction sites හොයන් ගිහින් කරන්න ඕන එකක්.දෙනකොට දීපං group assignment එකක්. දැං ඉතින් වෙන කුමක් කරන්නද??...දීපු දවසෙ ඉඳන් තවම site එකක් හොයනව.
තව ඉස්සරහට මොන මොන හෙන වදීද දන්නෑ..අලුත් ලිපියක් ලියන්න තරම් රස කතා තියෙයි කියල හිතමු..assignment එක හොඳින් කරගන්න හොඳ එකක් හම්බ වෙන්න අපෙ කොල්ලො කෙල්ලො එකටම සුභ පතමි..ජයෙන් ජයම වේවා!

Subscribe to:
Posts (Atom)