Friday, March 1, 2013

පාසල් මහා ක්‍රිකට් තරඟ උන්මාදය..


2013 අවුරුද්ද පටන් අරන් මාර්තුත් උනා එහෙනම්..ඉස්සර ඉස්කෝලෙ යනකොට නම් මාර්තු කියන්නෙ ලොවෙත් නැති මාසයකි.
 ඒ බිග් මැච් සීසන් එක නිසාය..

සුලෝහිත සංග්‍රාමය, සාන්තුවරයින්ගේ සටන, නිල් මහ සටන, රන් සටන, ආදරවන්තයින්ගේ සටන, ඊ.ටී.සී.. යන අනේක විධ නම් වලින් මෙව්වා නම් කොට ඇත්තේය..ඒ කාලෙ නම් තමන්ගේ පාසලේ බිග් මැච් එක අන් හැම මැච් එකකටම වඩා ඒ පාසලේ ළමයින්ට ලොකුය..ලෝක කුසලාන අවසන් තරඟයත් එතරම් ලොකු නැත.
දැන් නම් මැච් එකට කලින් තවත් මැච් කන්දරාවක් තියේ.. දෙවිදුහල් වල ශිෂ්‍යය නායක ක්‍රිකට් ගැ‍ටුම්, ගුරු ගැ‍ටුම්, හොස්ටල් මැච්, අර මැච් මේ මැච්, මැච් මැච්, නිමක් නොමැති මැච්ය..

මේ ටිකේ බුකිය ද ෆුල් බිසීය.. ඒ හොඳම බිග් මැච් එක තොරන ප්‍රශ්නයට මනාප දාන්න තියන තරඟය බිග් මැච් එකේ උණුසුමටත් වඩා වැඩිය.. නිකමට ඒ වාගේ කොමෙන්ට් අතරින් පතර කියවන්නට ලබුනි. උන් නම් පාසල් සිසුන් කියන්නටත් ලජ්ජාය.විරුද්ද පාසලේ නිර්මාඨ්තෘ ගේ පටන් අතුගාන එකා දක්කා දෙමාපියන් වන්දනා කොට කොමෙන්ට් දමා ඇත. තමන් ගේ පාසලේ බිග් මැච් එක හෙනම පරණ එක කියා කට්ටියක් ලොකු සීන්ය..අනෙක් උන් කියන්නේ උන්ගේ පඩ වැඩිය කියාය. එකම වාහ් ප්‍රහාරයකි.

එකක් දෙකක් මෙන්න -

* Many royalists did play for the ceylon team when cricket was a gentlemens game. Many of u wouldnt even know. Cause u people only know about the recent past where cricket became commercialized! And so called Anandian and Nalandian cricketerz are a productions of that cricket. Not the gentlemens game. What you should know is that Royalists did not play cricket for a living. They just played is as a hobby. Cause Royalists have better proffesions. 

Thank you!

* Ur Welcome.. BTW ubath sudui godak like a "gentlemen"

*you guys were so proud that you all knw ENGLISH. Above article is in English read that and SHUT THE HELL UP.

*  Ayooooo salli ethakota aththatama senaga nadda machan??? Mara nondiya ne??? Maha lokuwata kagahuwata senaga nadda banz??? Ayoooooooo sirawatama mata nam duke ba banz...  Ow ithin Royal eke rasthiyadu karayo, maradane mudukku kollo ehema na ne banz nikan Thurstan ekata gahanna... lol! Anika ithin mulu lankawama dannawane ban trucking kiyala kollonge school ekakata panapu godayo kawda kiyala... Lol! 

*  Previous comment shows how the buggas think bou other skuls..lol..

*Sharing a ticket with each other for 3 days?O.o
Awww..but just scroll up dickhead..your already losing..xD

මෙව්වා හොඳය..භාෂාව විකෘති කොට සෑදූ ඒවාද තිබිනි..

කෙසේ නමුදු දැං කාලේ පොඩි උන් හෙන අමුතුය..වලි මානසිකත්වය ඉහටත් උඩින්ය..අපිත් ඔය කාලේ එහෙමද දන්නෙත් නෑ හැබැයි මෙච්චර නම් තිබ්බෙම නැත.. 
කොහොමෙන් කොහොම උනත් බිග් මැච් පවත්වන්නේ පාසල් අතර සුහඳත්වය වර්ධනය කරනු පිනිස සහ දක්ශ දරුවන් ජාතික සහ ජාත්‍යන්තර තලයට ගෙනයාමටය. නැතුව ගුටි කෙල ගැනීමට වත්, අනික් පාසල් පහත් කොට කතා කිරීමටවත් නොවේය.. 

කවුරුන් කොහොම කීවත් තම පාසලේ බිග් මැච් එක හැම එකකටම වඩා ලොකුය.මටත් එසේමය..

''ආනන්දයට වඩා ලොකු පාසලක් මට නැත.ආනන්ද නාලන්ද බිග් මැච් එක තරම් 96 අවසන් මහා තරඟයවත් ලොකු නැත. ''

නමුත් සැවොම මතක තබාගතයුතු කරුන වන්නේ තම පාසලට සපෝට් එක දීම පසෙකලා අනික් පාසල් ගැරහීම තමන්ගේත් තම පාසලේත් කීරිතිනාමයට හොඳ නැති බවයි!


9 comments:

  1. "නමුත් සැවොම මතක තබාගතයුතු කරුන වන්නේ තම පාසලට සපෝට් එක දීම පසෙකලා අනික් පාසල් ගැරහීම තමන්ගේත් තම පාසලේත් කීරිතිනාමයට හොඳ නැති බවයි!"

    well said Dulitha

    ReplyDelete
  2. හා මෙන්න මෙයා..කෙල්ලන්ට බිග් මැච් නෑ නොවැ

    ReplyDelete
  3. අන්න අපේ උනුත් ලුම්බිණියත් එකක් මැච් එකක් ගහන්න යනවලු.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ලුම්බිණි? උන් ගහනවනේද වේලුවනේ එක්ක? ලොල්..වේලුවනේ උන්ගෙන් ගුටි කාලම එපාවෙලාද කොහෙද උඹලත් එක්ක සෙට් වෙලා තියෙන්නෙ

      Delete
  4. ඔය එකෙක්වත් අපිට ලොකු නැත... නියම කතාව...

    ReplyDelete
  5. Some can not face the reality and get so hurt to know that 6 out of the playing 11 of the first test match played in 1982 were from Ananda College and Nalanda College. First Test Captain (Bandula Warnapura)is from Nalanda and the only cricket world cup Sri Lanka possess was won under the leadership of an Anandian (Arjuna Ranathunga). First Test Half Century, Test Century and Test Double Century for Sri Lanka, were all posted by Anandians, respectively Arjuna Ranathunga, Sidath Wettimuny and Brendon Kuruppu. World record and honor for 'The school that has produced the highest number of sportsman to represent the country internationally of a single sport' belongs to a school in Sri Lanka. It's Ananda College for the sport of Cricket.The records simply flow, but it will be too long, so I shall halt.

    Niroshan de Silva

    P.S.If the truth hurts,I'm so sorry, totally unintentional.

    ReplyDelete
  6. අම්මෝ එක නම් ඇත්ත සුහදතාවය කෙසේ වෙතත් මරාගැනිල්ලක්නෙ තියෙන්නෙ .. මැච් ඉවරවෙනකොට බාගයක් හොස්පිට්ල් :P

    ReplyDelete