උණක් හැදුනොත් බෙහෙතක් ගෙන ලෙඩේ සුව කළ හැක..මේ හැදිච්ච ලෙඩේ නම් සුවපත් කළ නොහැකි ලෙඩක් බව වෛද්‍යවරු කිහිප පළක්ම පවසා ඇත. ලෙඩේ කුරුළු උණය. තවත් සරළ කලොත් කුරුළු ඡායාරූප ගැනීමට ඇති ආසාවය.
ඉස්සර Canon G11 කැමරාව තිබූ කාලේ නම් වැඩි හරියක් කලේ බත්කූරන්ගේ පොටෝ ගැනීමය. ඒක නම් ඉහ මොළ, කොඳු නාරටි කකියන වැඩක්ය..ලේසි නැත. නමුත් මහන්සි වී ලස්සන පොටෝ එකක් ගත්විට තිබෙන සතුට කියා නිමකල නොහැකිතරම්ය.
![]() |
මම කැමතිම බත් කූරා :P |
කුරුළු ඡායාරූපකරණයට ඔබින පත මල්ටි බැරල් සයිස් ලෙන්ස් එකක් මා සතුව නැති උනත් තිබෙන 55-250මිමී එකෙන් උපරිමය කරන්නට සැම විටම උත්සාහ කරමි. එක් හොඳක් නම් ඉවසීම ප්රගුණකිරීමටද අවස්ථාව ලැබීමය.55-250මිමී ලෙන්ස් එක නිසා කුරුල්ලා ලඟටම ගොස් ගතහොත් ප්‍රතිඵල වැඩිය.
![]() |
කහ පණු කුරුල්ලා/පොදු අයෝරාවා |
ලෙඩේ තරම් කෙතරම්ද යත් ගමනක් බිමනක් ගියත් යන්නේ උඩ බලගත් ගමන්මය.දකින දකින කුරුල්ලාගේ නම් ගම් කියනවිට ගෙදර උන් මම පිස්සෙක් යැයි කී වාරද තිබිණි. එකෙක් කීවේ ''උඹ බොරු කියනවාද කියල අපි කොහොමද දන්නෙ'' කියාය. කෙසේ නමුදු මේ ටික කාලයට මාසතුව ඇති කුරුළු ඡායාරූප දෙස බලන විට සියුම් ආඩම්බරයක්ද දැනේ. විනෝදාංශයට ඡායාරූප ගැනීම කෙතරම් මානසික සුවයක්ද යන වග ඡායාරූප කළාවේ නියැලෙන අය දනී.
මාගේ කුරුල්ලන් එකතුව මෙතනින් නරඹන්න.
ඉදිරියේදී කුරුල්ලන් සහ ඒ සම්බන්ධ ඡායාරූ පිළිබඳ විදිමත් ලෙස බ්ලොගය හරහා ගෙන ඒමට බලපොරොත්තුවෙන් සිටිමි.
මාගේ ඡායාරූප පිටුව - මෙතැන කිලික් කරන්න
කුරුළු උණ .....හොද උණක් වගේ මට තියෙන්නේ මුද්දර උණ සනිප්වෙන්නෙම නෑ....
ReplyDeleteමුද්දර උණ මටත් තිබ්බා.හිහ් හිහ්..තව ටික කාලෙකින් ඕක ඇරිල යයි
Deleteලස්ස්නයි ෆොටෝස් ටික ... ^_^
ReplyDeleteස්තූතියි
Delete