Monday, April 8, 2013

ජාතිය උදෙසා....එදා සහ අද...


මෙය මෙම පෝස්‍ටුව ලිවීමට පෙර පළමුව ලිවියයුත්තකි. 
''මාගේ ජාතියට සහ ආගමට අසාධාරණයක් වන තැන මම ජාතිවාදියෙකි.''
සැබෑතත්වය තේරුම් නොගෙන ජාතිවාදී ලේබල් ගසන්නන් මෙය නොකියවුවාට කමක් නැත.

මේ ටිකේ හැමතැනකම පාහේ කියවෙන වචනයක් ''ජාතිවාදය''. ටික දවසකට කලින් නම් ''හලාල්'' වචනෙ ඊටත් වඩා කියවුනි. කෙසේ නමුත් හලාල් කතන්දරය අවසානය.( අවසානයැයි සිතමි).

මෙම සියලුම ප්‍රශ්න පැනනගින්නේ මෙරට මුස්ලිම් ජනයාගේ වර්ධනයත් සමගම කොහෙන්දෝ මන්දා ඔවුන්ගේ ඔලුවලට දමා ඇති සියලුම ජාතීන් පරයා තම ජාතිය නගාසි‍ටුවීමේ අදහසත් සමගින්ය. කොහෙවත් සිටි ජමියතුල්ලා උලමෙක් කෑමොරදෙන්නට පටන් ගති. පේන්ට් බ්‍රශ් එකේ සිට හලාල් ලකුණක් කරළියට  බැස්සේය. යස අගේට සිටි මුස්ලිම් සහෝදරියන් ගෝනිබිල්ලන් තත්වයට පත් වුනි, බැංකු ක්‍රම වෙනස් උනි, මෙවන් දහසකුත් වෙනස්කම් සිදුවද්දී මෙම සිංහල දේශය අරාබියක් වන ලකුණු පහලවිනි.

සිංහලයන් වශයෙන් මෙයට දැක්වූ ප්‍රතිචාර දෙස හැරී බලමු..

මේ දිනවල අපගේ ස්වාමීන් වහන්සේලා සහ ආගමට ලැදි පිරිස් එක්ව විරෝධතා ව්‍යාපාර ‍රැසක් ගෙන යමින් පවතී. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය, බොදු සමුළු, සිංහල ව්‍යාපාර වලට සෙනග යොමු කිරීම්, ඒ අතරේ කොහෙවත් යන පන්සිල් පද පහ වත් නොදන්නා ගොන් හරක් ෆේස් බුකියේ විවිධාකාරයේ පේජ් හදමින් අනික් ආගම් වලට අපහාස කරමින්, උන්ව කුලප්පු කරමින් සිටී.


ඇතිවී ඇති තත්වයමත ඒ සඳහා ජාතියක් වශයෙන් නැගී සිටීම ප්‍රෂංශනීය  ය. නමුත් සොයා බැලිය යුතු වැදගත්ම කරුණ නම්, මෙවන් තත්වයක් ඇතිවූයේ කෙසේද යන්නය. අභිමානවත් ජාතියක් ලෙස එදා වැජඹුන සිංහලයන්ට අද මෙවන් තත්වයකට මුහුණදීමට සිදුවූයේ මන්ද යන්න සලකා බැලීම වටී..


දැන් ඉස්සර මෙන් නොව, බෞද්දයෝ වැඩි හරියක් නමට බෞද්ධයෝය. ආගමට දහමට නැඹුරුව අඩුය. පන්සල් සමග තිබූ සබඳතාව අඩුවීමත් සමගම යහපත් ගුණාංග, තම ජාතික අභිමානය, රටට ඇති ආදරය, රටේ ඉතිහාසය පිළිබඳ අවබෝධය අද සිංහල සමාජයෙන් දුරස් වෙමින් පවතීයි.

අද නිතර දෙවේලේ අසන්න ලැබෙන්නේ එක්කෝ මිනීමැරුම් ය, වංචාකිරීමිය, දේශපාලුවන්ගේ හිත් පින් නැති වැඩය, සිත්‍රී දූෂණය, නිදන් හෑරීම්ය, කැලෑ කැපීම් සත්තු මැරීම්ය. මේ වියල්ලටම ප්‍රධාන හේතුව වන්නේ නිසි ආගමික පරිසරයක් තුල පුද්ගලයාගේ මානසික චින්තනයන් බිහිනොවීමයයි මට හැ‍ඟේ.


පිටරටවලින් මෙරටට පැමිණ ඇති සංස්කෘතිය සිංහලයා දොහොත්මුදුන් දී පිළිගෙන හොඳ හෝ නරක හෝ වේවා ඒවා අනුව යාමක් දක්නට ලැබේ. ෆේස් බුකියේ එක්තරා රාත්‍රී සමජශාලාවක ඡායාරූප පළවේ. ලයික් සහ කොමෙන් දාන උන් වැහි වැහැලාය. ඒවාගේ වැඩි හරියක් සිටින්නේ සිංහල කොල්ලන් කෙල්ලන්ය.. ගැහැණුන් නම් ඇඳුම් අඳින්න කැමතිම නැති බවක් එක පොටෝ වලින් දිස් වේ. අඩ නිරුවතින් ගැහැණු පිරිමි භේදයකින් තොරව මත් පැන් බොමින් නටන ඡායාරූප අනන්තවත් ඇත. මේවායින් පෙනෙන්නේ සමාජයේ පිරිහීම නොවේද....


සිංහලයා ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නෙකි. ඒවාට සාක්ෂි තවමත් ඉතිරිව ඇත්තේය. නමුත් අපයේ පුරාවස්තු කොල්ලයන්, නිධන් හෑරීම්, ඓතිහාසික ස්ථාන විනාශ කිරීම් අඩුවක් නැතිව අසන්නට ලැබේ...

ෆේස් බුකියේ අද වැදගත් ඡායාරූපයක් දක්නට ලැබිනි. එහි වූයේ මම අතේ අඟිලි ගණනටත් වඩා වතාවක් කියවා ඇති ''රොබට් නොක්ස් ගේ එදා හෙළදිව'' ග්‍රන්ථ යෙන් උපුටාගත් කොටසකි..




මෙම කොටස පමනක් වුවද කියවීමෙන් අද අපේ ජාතිය සිටිනා තැන තමන්ගෙන් ම ප්‍රශ්න කරගත යුතුය.. අනෙක් මිත්‍යාදෘශ්ඨිකයින් අපගේ ඔලුවට අතහෝදන්නට එන්නේ අපගේම යම් යම් දුර්වලතා නිසාම බව සිංහලයා නොපමාව වටහාගත යුතුය. තම රට, ජාතිය සහ ආගම ‍රැක ගැනීමට කල යුත්තේ තමන් මේ සිටිනා තැනම හිඳගෙන අනෙක්වාට ගැරහීම නොවන වග වටහාගත යුතුය.


ඉතිහාසය දෙස හැරී බලන්න..
සිංහලයා අභිමානවත් ජාතියකි. ප‍ටු වාසි තකා මෙවන් අභීත ජාතියක්ව ඉපද තම ජාතියට එරෙහිව කටයුතු කිරීම දැන් වත් නවතා දැමිය යුතුය.

වරද කාගේද..කොතැනද....??
සිතීමට යමක්!












Monday, March 4, 2013

කුරුල්ලන් පසු පස..



උණක් හැදුනොත් බෙහෙතක් ගෙන ලෙඩේ සුව කළ හැක..මේ හැදිච්ච ලෙඩේ නම් සුවපත් කළ නොහැකි ලෙඩක් බව වෛද්‍යවරු කිහිප පළක්ම පවසා ඇත. ලෙඩේ කුරුළු උණය. තවත් සරළ කලොත් කුරුළු ඡායාරූප ගැනීමට ඇති ආසාවය.

ඉස්සර Canon G11 කැමරාව තිබූ කාලේ නම් වැඩි හරියක් කලේ බත්කූරන්ගේ පොටෝ ගැනීමය. ඒක නම් ඉහ මොළ, කොඳු නාරටි කකියන වැඩක්ය..ලේසි නැත. නමුත් මහන්සි වී ලස්සන පොටෝ එකක් ගත්විට තිබෙන සතුට කියා නිමකල නොහැකිතරම්ය.

මම කැමතිම බත් කූරා  :P
ඒ කැමරාවෙන් සෑහෙන යමක් ඉගෙන ගත් පසු DSLR එකක් සමග පෙමින් වෙලුනෙමි. පෙම කෙතරම්ද යත් අඬල දොඩල හැපිල කෙසේ හෝ දෙමාපිය සහ සහෝදරියගේ ධන පරිත්‍යාගයෙන් Canon 600D එකක් මා සතු කළ ගතෙමි.එහෙන් මෙහෙන් අතපතගා වැඩ කෑලි ඉගෙනගෙන ඉතා ආසාකරන කුරුල්ලන්ගේ ඡායාරූප ගැනීම ඇරඹුවෙමි. ප්‍රසද් හපුආරච්චි මහතාගේ අනර්ඝ කුරුලු එකතුව දිනකට දහ වතාවකට වඩා නරඹා කුරුල්ලන් හඳුනා ගැනීමට හැකියාවක් තිබිණි. දැන් නම් කුරුළු නාමාවලියක් ද තිබේ..

කුරුළු ඡායාරූපකරණයට ඔබින පත මල්ටි බැරල් සයිස් ලෙන්ස් එකක් මා සතුව නැති උනත් තිබෙන 55-250මිමී එකෙන් උපරිමය කරන්නට සැම විටම උත්සාහ කරමි. එක් හොඳක් නම් ඉවසීම ප්‍රගුණකිරීමටද අවස්ථාව ලැබීමය.55-250මිමී ලෙන්ස් එක නිසා කුරුල්ලා ලඟටම ගොස් ගතහොත් ප්‍රතිඵල වැඩිය.


කහ පණු කුරුල්ලා/පොදු අයෝරාවා


ලෙඩේ තරම් කෙතරම්ද යත් ගමනක් බිමනක් ගියත් යන්නේ උඩ බලගත් ගමන්මය.දකින දකින කුරුල්ලාගේ නම් ගම් කියනවිට ගෙදර උන් මම පිස්සෙක් යැයි කී වාරද තිබිණි. එකෙක් කීවේ ''උඹ බොරු කියනවාද කියල අපි කොහොමද දන්නෙ'' කියාය. කෙසේ නමුදු මේ ටික කාලයට මාසතුව ඇති කුරුළු ඡායාරූප දෙස බලන විට සියුම් ආඩම්බරයක්ද දැනේ. විනෝදාංශයට ඡායාරූප ගැනීම කෙතරම් මානසික සුවයක්ද යන වග ඡායාරූප කළාවේ නියැලෙන අය දනී.
මාගේ කුරුල්ලන් එකතුව  මෙතනින් නරඹන්න.




ඉදිරියේදී කුරුල්ලන් සහ ඒ සම්බන්ධ ඡායාරූ පිළිබඳ විදිමත් ලෙස බ්ලොගය හරහා ගෙන ඒමට බලපොරොත්තුවෙන් සිටිමි.

මාගේ ඡායාරූප පි‍ටුව - මෙතැන කිලික් කරන්න