Sunday, December 4, 2011

නිදිමත සහ ඉංජිනේරු සිහින...


අද මම ලියන ලිපිය නම් එච්චර ආගන්තුක එකක් නෙමෙයි.මේක කාටත් පොදු ප්‍රශ්නයක්. ඒ තමයි නිදිමත..

අපි ප්‍රයිවට් උනත් උපාධියක් කොටා ගන්න ඉගෙන ගන්න උන්.පණදාගෙන ඒ/එල් කරත් කරුමෙනිසා දෝ කෙලවී දැන් සුද්දාගේ පිහිටෙන් ගොඩයන්න දඟලන්නන් වෙලා.
මාව ප්‍රයිවට් කැම්පස් දාද්දි අම්ම කිව්වෙ තමුසෙ මේකත් කෑවොත් ආයෙ ගොඩ ඒමක් නම් නෑ කියල.

ප්‍රයිවට් ඔක්කොම හොඳයි පැය ගනන් ලෙක්tures වලට කන් දී ගෙන ඉන්න එක තමයි එපාම කරපු අප්‍රසන්නම වැඩේ.මේක ප්‍රයිවට් කැම්පස්, රජයේ විශ්වවිද්්‍යාල කියල නෑ..කාටත් පොදු බරපතල ගැටලුවක් වෙලා..
ගොඩක් උන් කරන්නෙ එක්කො උන්ගෙ ෆෝන් අරන් කෑලි වලට SMS ගහනව.,සමහරු ටී...............ක් බලනව.,සමහරු හිත කොහෙවත් ඒත් ඇස් දෙක බෝඩ් එකේ.කෙල්ලො ගැන නම් කියල වැඩක් නෑ..
මෙලෝ දෙයක් තේරුනේ නැතත් lecturer කියන ඒව ලියගෙන..ලියගෙන..ලියගෙන.. යනව. උන්ට නම් track ද මංද.

කොහොම උනත් අපේ සෙට් එකේ නම් ඉන්නෙ කුම්බකර්ණ පරම්පරාවෙන් එක පොරවල් ටිකක්. එන්න විතරයි ඕන මුං නිදි.
හයියෝ සල්ලි කියල හිතෙන්නෙ එතකොට තමයි ඉතිං.මොනව උනත් සල්ලි නෙ දැංකාලෙ.
අවුරුද්දකුත් ගියා..ඒත් මේ වලදි එන නිදිමත ගියෙ නැති එක තමයි ලොකුම ප්‍රශ්නෙ.ඔය කැම්පස් වල මේ ප්‍රශ්නෙ ගැන කවිත් ලියනව කියල මමත් පොඩ්ඩක් විපරමක් දාල බලුව මොකක්ද මේ කව් සිතුවිලි කියල..නරකම නෑ..නින්දත් එක්ක මුන් පට්ට කවිත් ලියනව නෙ.එක්දාස් නවසිය බර ගනං වල හිටියනම් ලියපු උන්ට කවියො වෙන්නත් තිබුන.
දැං කාලෙ කොහෙද කවි වලට ප්ලේස්. ඒ ඉස්සර.දැං තියෙන්නෙ කන කඩාගෙන යන සංගීතයක් නෙ.

වසරින් වසර ගෙවිලා යයි සුව කැන්දා...
lectures නම් නොතේරුනේ කරුමෙද මන්දා...
slides කෝටිගානක් සිහිනෙක රන්දා...
අපි නම් කලේ නිදියන එකමද මංදා...

80% ක පැමිණීමක් ගන්න...
අප දිවගියා පසු පස පෙළ අල්ලන්න...
ඕනම තැනක ගොර ඇද ඇද නිදියන්න...
පොඩි පු‍ටුවකින් කොටසක් විතරක් දෙන්න...


කොහොම උනත් හැමැකාටම හීනෙන් විභාග වලට එන ගනං කෑලි පෙනුනොත් හොඳයි.නැත්තම් කස්ටියටම අඹසරණයි!



ප.ලි - නින්දත් අතිශය වැදගත් තමයි. ඒත් තමතමං ගෙ අනාගතය සිහින වලට යට කරගන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.
අපේ අම්ම කියනව වගෙ ''පොතක් පතක් බලන් දැං වත් හැදියං'' කියල තමයි කියන්න වෙන්නෙ.
වෙන්ඩ ඉංජිනේරුවන් සැමට සිමෙන්ති කොට්ටයේ සරණයි!

18 comments:

  1. තැංක්යූ.. ලොල්.

    ReplyDelete
  2. hehe me liyala thiyenne ayeth ekak... elakiri... :D ape batch eke eun pol gahana hati mathak wenawa... including me... :D

    ReplyDelete
  3. හහ්හහ්..ඕක හැම batch එකටම පොදු ධර්මතාවක්! :පී

    ReplyDelete
  4. නෑ..ඇයි කන එක..ඒක වෙලාවට කරනව!

    ReplyDelete
  5. fatta fata fata....maxxa mchn...keep it up....මම keep it up කිව්වේ නින්ද ගැන අදහස් කරල නෙවෙයි.... Blog 1 ගැන....

    ReplyDelete
  6. තේරුනා තේරුනා... ලොල්

    ReplyDelete
  7. මට ලෙක්චර්ස් කියලා නෑ පුටුවක වාඩි උනොත් හොදට නින්ද යනවා. ජොබ් එකෙත් වැඩි හරියක් වෙලාවට නිදි තමයි.:)

    ReplyDelete
  8. හික්... එල කොල්ලො සෙට් එකක්නෙ...අපිටත් එකම ගැටළුව ඕකතමා බං... word verification අයින් කරපන්කො බං...

    ReplyDelete
  9. දහිරිය ගන්ට ...ගට දාලා වැඩේ ගොඩ දාගන්න...

    ReplyDelete
  10. හහ් හහ්..ඔව් බං...පට්ට කරුමයක් ඕක

    ReplyDelete
  11. එපා වෙන වැඩක් තමා ඔය පන්ති වලදි නිදිමත එන එක. ලෙක්චර්ලා ගැන කියද්දී 99.9999999999999999999999999999999999999999%ක්ම එකයි. Booooooooooooring

    ReplyDelete
  12. ලොවෙත් නෑ මචං ...ඒ ආතල් එක ගන්නේ නැතුව කැම්පස් ගිහින් වැඩක් තියේද?හොදම හීන පෙන්නේ ලෙක්චර් වෙලාවටනේ ...

    ReplyDelete
  13. ආයෙත් අහල..ගෙදර ආපු වෙලේ ඉඳන් කනක් ඇහෙන්න තියනවද...නිදහසේ නිදා ගන්නවත් පුලුවන් ලෙක්චර් වලදි තමයි!

    ReplyDelete
  14. යුදීශ ය නන් තාමත් එදාවගේමයි උට නිදාගන්න තියනවනන් වෙන මුකුත් ඔනෙම නෑ

    ReplyDelete
  15. අනේද කියන්නෙ..ලොල්

    ReplyDelete