Sunday, December 18, 2011

~ නිළියෝ සහ නිළියෝ ~

*මේ ලිපිය නිළියන් වන සියලු දෙනා දෙසටම ඇඟිල්ල දිගු කිරීමක් ලෙස නොසලකන්න.

මම පහුගිය දවසක ටී.වී එක ඉස්සරහ වාඩිවෙලා ප්‍රධාන පෙළේ නාලිකාවක වැඩසටහනක් දාගත්තේ එදා ඒ වැඩසටහනට ඇවිත් හිටියෙ අපේ ටිකක් ඇහැට කනට පේන නංගිල දෙන්නෙක් නිසා.එක්කෙනෙක් අපේ මංත්‍රී තුමිය පබා සහ අනෙක් නංගි නදීශා හේමමාලී. දෙන්නම ශෝයි.
එක් අවස්ථාවක අපේ මුදිත ( වැඩසටහන මෙහෙයවන්න බුවා ) නදීශා ගෙන අහනව ටෙලි නිළියන් ගණිකා වෘත්තියේ නියැළීම පිලිබඳ අදහස. (උට අහන්න වෙන ප්‍රශ්නයක් තිබ්බෙම නැද්ද මංද).පහුගිය වකවානුවේ ඔය මාතෘකාව සෑහෙන්න කතාබහට ලක් උන නිසාත්, ටිකක් වැදගත් වගේ දැනුන නිසාත් මමත් කට කනේ තියාගෙන අහන් උන්න මේකි මොකෑ කියන්නෙ කියල.
ගත් කටටම කියුවේ ගණිකාවන් නැති වුවහොත් මේ රටේ මිනිසුන් පිස්සන් විය හැකි බවය.
මම මේ අවස්ථාවේ වීඩියෝව අන්තර්ජාලයේ සොයා ෆේස්බුකියේ ප්‍රසිද්ධ කල පසු එයට ලැබුන ප්‍රතිචාර කීපයකුත් පහළින් දාන්න හිතුව.

* මේකි කටෙන්ද බං මේක කියන්නෙ... ගෑනියෙක් ගෑනු ගැන කියන කතා! ලොලේ ලොල් :D

* මේකි අදහන්න වටින ගෑනියෙක්නෙ බං...රොම්බා ලොල් ඕයි..!!

* මල් තියහන්... ඕකි වගේ 10ක් ඇති අපේ කාන්තා පරපුර විකුණා කෑමට..හික්... ඔන්න එයා පාර්ලිමේන්තුවට යැව්වනම් හරි.. :D

* කව්ද කැමති තමන් හම්බ කරන් කන රස්සාව බාල්දු කරන්න...

* what she shud have said it certain sector of men , not generally all men . Ehema beluwoth meyagema thaththa , aiiya and malli and future husband uth pissu wetenawa ethi pros la nethan !

*ගණිකා වෘත්තිය ගැන පුද්ගලයගෙන් පුද්ගලයාට තියෙන මතය වෙනස් වෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට ඕනම මතයක් දරන්නත් පුලුවන් ඒත් මේ ගෑනිට ගණිකාවෝ නැති වුනොත් පිරිමි පිස්සෝ වෙනවා කියන්න හයියක් කොහොන්ද?? මේ ගෑනි කියන විදිහට නම් මේකිගේ තාත්තා පිස්සෙක් නෙමෙයි නම් මේකිට තව සහෝදර සහෝදරියෝ හෙම සෑහෙන්න ඇති...මේකිත් මේකිගේ අම්මට ෂොට් එකක් හිටලා තාත්තා කවුද කියන්න දන්නැතිව ඉපදිච්ච එකක් වෙන්න ඇති...අනේ ඇත්තට මෙහෙමත් ගැනු...කිසිම බයක් සැකක් නැතිව කියන හැටි විතරක්..වේස කමේ යනව මදිවට දැන් එනව මෙතන පත්තිනි අම්මා වෙන්න...

*දී කිරට බළලුත් සාක්‌කිලු...!!!
තෑංක්‌ස්‌ නංගී ඔයා අපි වෙනුවෙන් කතා කලාට.මම එලියට ආපු ගමන් ඔයාවත් අපේ ටීම් එකට ජොඉන්ට්‌ කොර ගන්නවා.
-ජීනා මැඩම්



මෙයා මේවගේ දෙයක් කියන්න හේතුවකුත් නැතුවමත් නෙමෙයි නෙ. මේක කියවන කවුරු කවුරුත් මේ නංගි ගෙ හැකියාවල් දැක ඇතුවාට සැකයක් නැහ නෙ.

කෙසේ නමුත් මේ පිළිබඳව කියන්න දේවල් ගොඩක් තියනවා. ඒවා වෙනමම ලිපියකින් ලියන්න මගෙ අදහසක් තිබේ. නමුත් කවදා හෝ මේ නංගී කසාද බැන්ද විට තම ස්වාමියාගේ මානසික සුවය පිනිස තම ස්වාමියාව ගණිකාවන් වෙත යැවීමට තරම් උදාර චේතනාවෙන් යුතු කාන්තාවක් බව සිහියේ තබාගන්න..

ප.ළි - එහෙම කළාම මෙයාටත් තව වටේ යන්න පුලුවන් නෙ.

11 comments:

  1. වීඩියෝව නොදු‍ටු උදවිය මේ ලින්ක් එකෙන් බලාගන්නව හොඳයි!

    http://www.youtube.com/watch?feature=player_embedded&v=uIPbOI5eDhU#!

    ReplyDelete
  2. මගේ මතයත් මේ වගේම එකක් තමා.. පිරිමියා ස්වභාවයෙන්ම මානසිකව බහු ලිංගික රුචිකත්වයක් තියෙන අය.. මම හිතන්නේ මේක ලියපු ඔයාලා මම උනත් එහෙමයි..
    මේක සමනය කරගන්න තියෙන ආරක්ෂිතම විදිහ ගණිකාවක් ඇසුරු කිරීමයි. ගණිකාවන් නැති තැන තමා alternatives. හොයාගන්නේ... ස‍්ත්‍රී දූෂන වගේම අනියම් සම්බන්ධතා වලටත් ඒක හේතුවක් විය හැකියි.. වරක් taboosubjects බ්ලොග් අඩවියේ මේ ගැන වඩා ගැඹුරින් විග්‍රහ කරලා තිබුණා. නමුත් දැන් එම බ්ලොගය වාරණය කරලා නිසා ලින්ක් එක දෙන්න හැටියක් නෑ..

    ReplyDelete
  3. ශා දුලියො ලිවිල්ල හොඳයි... එල එල

    යටින් ලියපු සහෝදරයගෙ කමෙන්ට් එකට මමත් යමක් එකතු කරන්නම්...ඔව්..අපිත් සත්තුනෙ...අපිටත් ඔය සබ්ජෙක්ට් එකේදි සත්තුන්ගෙ හැසිරීම්වල කෑලි තියෙනවා...හැබැයි අපේ වෙනස වෙන මනසේ උසස් බවත් එක්ක ගත්තම ඕක අවුලක්..ගෑනියෙක්ට ඕනනම් ඕකෙන් යැපෙන්න ඒක එයාගෙ වැඩක්..අපි අමතක නොකළ යුතු දේ මේරටේ ඔය වෘත්තියක් කරන්න හදන දේට ගොදුරු වෙච්ච ගෑනුන්ගෙන් බහුතරය අකමැත්තෙන් ඇඟ විකුනන්නෙ... අපේ අයට පුරුදු ඒ අසරණ ගෑනුන්ට එළියේ රවල පොර වීම විතරයි...

    මේක දෙපැත්ත කැපෙන පිහියක් වගේ මාතෘකාවක්... හැබැයි මේ අක්කණ්ඩිගෙ විදියට ගියොත් මේක ඔඩු දුවන තුවාලයක් වීම ෂුවර්...මොකෝ මෙයයි,එතන හිටිය අනික් එක්කෙනයි ආදර්ශවත් යැ

    ReplyDelete
  4. දුලියෝ ලිපිය නම් නියමයි..මේ මාතෘකාව ගැන සංවාදයක් ඇති කරන එක ඇත්තටම වටිනවා..මම හිතනවා උඹ ඊලග පෝස්ට් එකෙන් මේ ගැන තවදුරට කතාකරයි කියලා...මේ නිලියගේ කතාව ගැන මම දාපු කමෙන්ට් එක ''ගණිකා වෘත්තිය ගැන පුද්ගලයගෙන් පුද්ගලයාට'' මේ ලිපියේ තියෙන නිසා මම ඒ ගැන කතාතරන්න යන්නෙ නෑ. ඒත්...මේ ලිපියට දාල තියෙන දෙවැනි කමෙන්ට් එක (lahirucc ) මම එකග වෙන්නේ නෑ..කමෙන්ට් එක දාපු කෙනා මේ නිලිය සදහන් කරන ගණිකාවෝ නැත්නම් පිස්සු හැදෙන පිරිමි කුලකයේ සාමාජිකයෙක් වෙන්න ඇති...හැබැයි ඒක මේ සමාජයේ තියෙන කුඩා උප කුලකයක් විතරයි...ඇත්තටම අපි ඔයාලා වගේ හැගීම් පාලනය කරගන්න බැරි මානසික රෝගීන් වෙනුවෙන් කාරුනික වෙනවා..කියන්න තවත් දෙයක් තියෙනවා පිස්සෝ ගොඩක් මැද ඉන්න සාමාන්‍ය පුද්ගලයෙක්ව පිස්සෝ ටික දකින්නේ පිස්සෙක් විදිහටයි..ඒ වගේ lahirucc ඔයාටත් වෙලා තියෙන්නේ එහෙම ප්‍රශ්නයක්..ඔයාලට මේ නිලිය කියපු ප්‍රකාශය වැරැද්දක් පේන්නේ නැත්තේ ඒකයි...

    ReplyDelete
  5. නෑ මේ ගෑණි කියන විදිහට පිස්සු හැදෙනවා කියන කතාව නෙවේ මම කියන්නේ... අනික මට ඔහොම රටවටේ සැප හොයන්න අහේනියක්වත් කාලයක්වත් නෑ.. නමුත් මතක තියාගන්න ඔයාල අපි තරම් මානසිකව ශක්තිමත් නැති අයට ඔය හැඟීම දැනුනම දක්වන ප්‍රතිචාරය වෙනස්.. එහෙම උන්ට ඒ හැඟීම් නිදහස් කරගන්න සරල විදිහක් නොතිබුනොත් වෙන තත්වය ඛේදනීයයි...

    මම ඉහත දාපු කොමෙන්ට් එක දැම්මේ මනෝවිද්‍යාත්මක පදනමක් යටතේයි.. මේ පදනම පිළිගන්නා රටවල් කීපයක් තියෙනවා.. ඇත්තෙන්ම ඒ රටවල් වල ලිංගික අපරාධ හරි අඩුයි.

    බුද්ධිමත් කතිකාවතකට එක්වුන චරිත් ස්තූතියි...

    @චමිල් විමුක්ති මධුසංක .. මම මේ නිළිය කියපු දේ එහෙම් පිටින්ම පිළිනොගත්තේ ඒක නිසා තමයි.. ඒත් ඔයාගේ මානසිකත්වය ගැන කණගාටුයි.. මොකද මම මෙතන මගේ හැඟීමක් ගැන කතා කළේ නෑ.. හැඟීම් ඇතිවීම කාටත් පොදුයි.. ඒත් ඒවා පාලනය කරගන්න එක අපට වගේ හැමෝටම කරන්න බෑ...
    මම කියන්න උත්සාහ කළේ ඒකයි... ඔබ ඔබේ මානසිකත්වයට අනුව පාට කණ්නාඩි දාගෙන බැලුව එක ඔබේත් ජාතියේත් කරුමයක්

    ReplyDelete
  6. ''මගේ මතයත් මේ වගේම එකක් තමා'' මේ වීඩීයෝ එක හොදට බැලුවනම් මේ නිලියගේ මතය තේරුම් ගන්න එච්චර අමාරු නෑ..මේ නිලිය ගණිකා වෘත්තිය සාධාරණීකරනය කරනවා පිරිමි සමාජය උපයෝගි කරගෙන..වීඩියෝ එකේ හැටියට මෙයාගේ මතය තමයි ගණිකවෝ සමාජ සේවයක් කරන්නේ පිරිමි පවි අනේ කියලා හිතාගෙන.මේක බලන ඕන කෙනෙත්ට තේරෙන සරල දේ ඒක...''මගේ මතයත් මේ වගේම එකක් තමා'' කියලා ඔයා සාධාරණිකරනය කරන්නේ ඒ මතය..එහෙම කියන ඔයාම ''නෑ මේ ගෑණි කියන විදිහට පිස්සු හැදෙනවා කියන කතාව නෙවේ මම කියන්නේ'' කියන්නේ කොහොමද?? ඔයාගේ කමෙන්ට් එකේ එහෙම දෙයක් කොහෙද තියෙන්නේ???

    ''මම මේ නිළිය කියපු දේ එහෙම් පිටින්ම පිළිනොගත්තේ ඒක නිසා තමයි'' කරුණාකරල පෙන්නන්න බලන්න මේ කියන දේ සාධාරණිකරණය කරන්න පුලුවන් විදිහේ දෙයක් ඔයාගේ කමෙන්ට් එකෙන්?

    ''මගේ මතයත් මේ වගේම එකක් තමා.. පිරිමියා ස්වභාවයෙන්ම මානසිකව බහු ලිංගික රුචිකත්වයක් තියෙන අය.. මම හිතන්නේ මේක ලියපු ඔයාලා මම උනත් එහෙමයි''. ''මම හිතන්නේ'',''මගේ මතය'' ගැන කතාතරන ඔයාම ඊලගට කියනවා ''මම මෙතන මගේ හැඟීමක් ගැන කතා කළේ නෑ'' කියලා පැහැදිලිව කියන්න බලන්න ඔයා කතා කරන්නේ කාගේ හැගීමක් ගැනද කියලා?? මෙතන මම කියන්නේ මගේ මතය කියන්නේ මොකකටද? එක්කෝ ඔයා මම කියන එකේ අර්ථය දන්නේ නෑ..

    ReplyDelete
  7. "පිරිමි ඔක්කොටම පිස්සු හැදෙනවා"
    "ලිංගික හැඟීම් පාලනය අපහසු පිරිමි සුළුතරයකගේ මානසික අසහනය වැඩිවෙනවා"
    මේ දෙන එක සමාන නොවුනාට නිකන් එක වගේ නේද?
    ඔබ එකඟයිද?
    දෙකෙන්ම කියන්නේ අසහනය වැඩිවීමක් ගැන.. ඒත් මගේ ප්‍රකාශයේ තවත් කරුණු අඩංගුයි. ඔබ එකඟයිද?
    "මමනම් නදීශා එක්ක 100%ක් එකඟයි" කියලා නොකියා
    "මගේ මතයත් මේ වගේම එකක් තමා.. " කීවේ අන්න ඒ නිසයි. මේ කොමෙන්ටුව දාද්දී මම හිතුවේ නෑ ඔබ වැනි සර්ව සම්පූර්ණ අදහසක් බලාපොරොත්තු වෙන කෙනෙක් සිටීවි කියලා..
    උදාහරණයක් ලෙස : "මම අද උදේ මයියොක්කා කෑවා"
    කියන ප්‍රකාශය වෙනුවට ඔබ බලාපොරොත්තුවෙන්නේ
    "මම අද උදේ 8.39 ට උතුර බලා බෙලෙක් පිඟානක, අම්මා පොළෙන් ගෙනැවිත් තම්බා දුන් මයියොක්කා පොල්සම්බෝලයක් එක්ක, බංකුවේ වාඩිවෙලා කෑවා" කියන එක

    "පිරිමියා ස්වභාවයෙන්ම මානසිකව බහු ලිංගික රුචිකත්වයක් තියෙන අය" කියන දේ මම කියන දෙයක් නෙවේ...සැකනම් ගූගල් පිහිට පතන්න. ඒක ස්වභාව ධර්මය විසින් වර්ගයා බෝ කරවන්න කරපු උපක්‍රමයක්..මිනිසා විතරක් නෙවේ අනික් සත්තුන්ගේත් පිරිමි සතුන්, ගැහැනු සතුන් ගණනාවක් සමඟ එක්වෙනවා. නමුත් ගැහැනු සතුන්ට එහෙම උවමනාවක් නෑ.. මොකද එක්වීමකින් පසු උන් පිළිසිඳගන්නවානේ.ඔබ එකඟයිද?
    අනික රුචිකත්වය තිබුන පලියට ඒ දේ කරන්න උවමනා නෑ. අපිට ඒක පාලනය කරගන්න පුලුවන්. ඔබ එකඟයිද?

    "ඒ ස්වභාවික හැඟීම් මට මෙන්ම කාටත් දැනෙනවා ඇති කියා මට හිතුනා. ඒ මට හිතෙන හැටි. "ඔබ එකඟයිද?
    හැඟීමක් එන්න කලින් ඒ හැඟීම නො එන තැනට පත්කරගන්න අපි රහත් වෙලා නෑ.ඔබ එකඟයිද? පෘතග්ජන අපිට පුලුවන් වෙන්නේ හැඟීමක් ආවම එතනට අපේ බුද්ධිය යොදවලා ඒ හැඟීම සමනය කරගැනීම විතරයි.ඔබ එකඟයිද?

    මට වෙනත් කෙනෙක්ගේ හෝ පිරිසකගේ හැඟීමක් හරි ප්‍රශ්ණයක් හරි ගැන මතයක් දරන්න ඔය කියන තරම්ම තහනම්ද...
    "මගේ මතය" කියලා මම කියන්නේ මම ඔය පිරිසගේ හැඟීම් පිළිබඳ දරන මතය මිසක් මගේ ගණිකා රුචිකත්වය ගැන නෙවේ කියන දේ කඩතුරා හැර බලන කෙනෙක්ට පෙනේවි.ඔබ එකඟයිද?


    කොහොම උනත් මේ වතාවේ බුද්ධිමත් තර්කයක් ගෙනාපු එකට ස්තූතියි.. ඇත්තටම ඔය විදිහට තර්ක ගේනවනම් මම ගොඩක් අගය කරනවා. ඒක ඔබේ බුද්ධිමත් මතය ඉදිරියට ගෙනයාමට ඔබට උපකාරී වේවි.

    ඔබේ බ්ලොගය කියෙව්වා.. තවමත් එදිනෙදා ජීවන අත්දැකීම් විතරයිනේ.. ඔබ එදිනෙදා ලෝකය දකින විදිහ ගැනත් ලියන්න..

    මාව විවේචනය කළාට ස්තූතියි. ඔබට ජය

    ReplyDelete
  8. සමස්ථයක් වශයෙන් ගත්තහම මම ඔබගේ තර්ක සියල්ලටම වගේ එකග වෙනවා
    ඒත්,
    --"පිරිමි ඔක්කොටම පිස්සු හැදෙනවා"
    "ලිංගික හැඟීම් පාලනය අපහසු පිරිමි සුළුතරයකගේ මානසික අසහනය වැඩිවෙනවා"
    මේ දෙන එක සමාන නොවුනාට නිකන් එක වගේ නේද?---
    මේ ප්‍රකාශයට මට එකග වෙන්න බැහැ..හේතුව සුළු තරය දිහා බලලා බහුතරය ගැන අදහස් ප්‍රකාශ කරන එක වැරදියි..දෙකෙන්ම අසහනය වැඩිවීමක් ගැන කියවෙන එක ඇත්ත.

    මේ ලිපිය දුලියා ලියන්නේ මේ නිලියගේ ප්‍රධාන ප්‍රකාශය තුල තියෙන අතුරු ප්‍රකාශය අරඹයායි.ප්‍රධාන ප්‍රකාශය වන්නේ ගණිකා වෘත්තිය අවශ්‍ය බව එහෙමත් නැත්නම් ඒක නීති ගත කල යුතු බවයි.අතුරු ප්‍රකාශයෙන් කියවෙන්නේ ගණිකා වෘත්තිය නැති වුවහොත් මිනිස්සුන්ට (පිරිමින්ට)පිස්සු හැදේවි කියන එකයි.නිලිය අතුරු ප්‍රකාශය උපයෝගී කරගෙන ප්‍රධාන ප්‍රකාශය සාධාරණීකරනය කරනවා මම මෙතනදි බලාපොරොත්තු වුනේ අන්න ඒ දේට විරුද්ධව මතයක් ගොඩනගන්නයි.එහෙම නැතුව ගණිකා වෘත්තිය ගැන මගේ මතයක් මම මෙතන ප්‍රකාශ කරලා නෑ.

    මෙතනදි ඔබ හොදට බැලුවොත් පෙනෙයි මේ වීඩියෝ එක අප් ලෝඩ් කරපු පුද්ගලයා පවා විරුද්ධ වන්නේ ඉහත සදහන් අතුරු ප්‍රකාශයට බව.ඒ බව ඔහු වීඩියෝවට යොදා ඇති මාතෘකාව වන ''Men Will Be Mad Without Prostitution - Nadeesha'' කියන එකෙන් පැහැදිලිව ගම්‍ය වෙනවා.

    අපි දෙදෙනා අතර වාදයක් ඇතිවීමට හේතුව කරුණු දෙකක් අරඹයා තර්ක කිරීම මිසක් එක තර්කයත දෙපැත්තක් ගැන තර්ක කිරීම නෙමෙයි.ඔබ ඔබගේ තර්කය වෙනුවෙන් තර්ක කලා වගේම මම මගේ තර්කය වෙනුවෙන් තර්ක කලා. ඔබේ තර්කය ගැන කිව්වොත් මම ඒකට එකග වෙනවා.ගණිකා වෘත්තිය නීති ගත කල යුතු යි යන තැන මම ඉස්සර ඉදන්ම හිටියා.මම ගණිකා වෘත්තිය ගැන මගේ මතය දැක්වෙන බොලොග් පෝස්ට් එකක් ලියන්නම්..එතකොට ඔබට මගේ මතය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි.

    මම මෙතනදි අදහස් කලේ නිලියක් වශයෙන් මෙවැනි ප්‍රකාශ (අතුරු ප්‍රකාශය)කිරීම අසාධාරණ බවයි. සුළු තරයක් දිහා බලලා බහුතරය ගැන පදනමකින් තොරව හිතු මතේ කටට ආපු දේවල් කියවන එක වැරදි බව කීමටයි මට අවශ්‍ය වුනේ.

    මේ සංවාදයට එක් වීම ගැන ඔබටත බොහොම ස්තුතියි ලහිරු.ඔබේ අදහස් හා මත වලට මම ගරු කරනවා.ඔබේ පලමු කමෙන්ට් එකට මම පල කල කමෙන්ටුවෙන් යම් හිත් වේදනාවක් ඇති වුනානම් මම ඔබෙන් සමාව ඉල්ලනවා..ඉදිරියටත් ඔබ මෙවැනි කතිකාවත් වලට එක්වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා..ඔබට ජය...

    ReplyDelete
  9. අනිවාර්යයෙන්.. යම් හිත් රිදීමක් නම් ඇති උනා.. ඒකට කමක් නෑ.. සංවාදය සතුටුදායකයි.. ඔබට ජය

    ReplyDelete
  10. ඔබ දෙදෙනාම සංවාදයකට එක්වීම සතුටක්... ලහිරුගෙ අදහස් දකිද්දි මට මුළින් ඇතිවුනු ආකල්පය වෙනස්වුනා...මට මුලින්ම දැනුනෙ ඔබත් මේක අනුමත කරන හැඩක්...

    ගණිකා වෘත්තිය යන වචනය මා පාවිච්චි කිරීමට අකමැතියි..මටනම් එය ජාවාරමක්..එය අනුමත කරන බොහෝ දෙනා බුදුන්ගේ කාලයේ පටන් ඉතිහාසය මතුකිරීම මම දැකපු අවස්ථා එමටයි...

    මෙය නීතිගත රටවල අපරාධ අඩු බව පිළි ගන්න බැහැ... සංඛ්‍යා ලේඛන අනුව එය සනාථ වෙනවා... මේක මේ රටේ නීතිගත කිරීමේ NGO රහසිගත කුමන්ත්‍රණ එමටයි... එය නීතිගත වීමේ සමාජ විපාකයන් බොහොමයි..රුසියාවට ජපානයට බලෙන් කසාද බැන්දවීමේ ක්‍රමයකට යාමට තරම් මේක හේතුවක් වෙලා...අනෙක් ගැටළු විස්තර කිරීම අවශ්‍ය නෑනෙ...

    මට දැනෙන විදියට මේ ප්‍රවණතාවෙ ගියොත් නදීශගෙ මානසිකත්වෙ ඇති අය තව බෝවේවි...මගේ හිතටනම් ඒ දේවල් තරමක පිළිකුලක් දුකක් ඇති කරනව...අපි මතුපිටින් දකිනවට වඩා මේ ප්‍රශ්නය ගැඹුරුයි..අදහස් වලට යළිත් ස්තූතියි...

    ReplyDelete
  11. අම්මෝ..මගෙ ලිපිය ගිය දුරක්!

    කොහොම කොහොම උනත් තාර්කික සංවාදයක් ගොඩනැගීම ගැන සතු‍ටුයි.හැමෝටම ජය!

    ReplyDelete